Sunday, July 31, 2011

වැස්ස විට ...... විට


255  බස් රථය කොට්ටාවට සේන්දු වෙනවාත් සමගම කන පැලෙන්නට වහින්න පටන් ගත්තේය. මුළු ගමනම ඉබ්බෙක් මෙන් ලෑටි ගගා ආ බස් රථය, ඉතිරි ටික ද මගේ මොකෝ මෙන් යන්නට විය. Bus Stand එකට එන විට ඔළුත් කෙලින් කරන් ඉන්නට බැරිතරම් වැස්සය. මීට හොඳයි උඹ බර කරත්ත license එකක් ගත්ත නම්   වැනි සුහදශීලි බැල්මක් driver අයියට හෙළා බසයෙන් බැසගත් මම ලඟම වූ පොඩි කඩයකට රිංගුවෙමි.
කඩයක් කිව්වට එය කඩයක් නොව යන්තමින් ඇටවූ වහලක් යටවූ බුලත් කඩයකි. මා ඇතුළුවූ විගස කඩයේ සිටි මනුස්සයා සුහදශීලිව මා හා සිනාවිය.
ඔහු හීන්දෑරිය. ගිනි කූරක් වැනි වූ උඩු රැවුලකි. ඉිතිරිවූ කොණ්ඩය හොඳින් පස්සට පීරා ඇත. පරණ වුවත් හොඳින් සේදූ බැනියමකි. නිරාවරණය වූ වම් බාහුවේ උඩින්ම ශ්‍රියාණි නම් පච්චයකි. ඊට යටින් සුනිල් සහ නිමල් ය. මුළු ආදරණීය පවුලම ඔහුගේ අතේය.
පුතා විටක් කනවද ? ඔහු බුලත් වටිටිය දිගු කළේය.
අංකල් මගේ තියෙන තුට්ටු දෙකටත් කෙලවන්න නේද යන්නේ යැයි සිතමින් මම සාක්කුවට යැවීමි.
ඔහු සල්ලි එපා පුතා. කන්නකො යැයි කීවේය.
දැම්ම වැස්ස පායන පාටක් නොවූ නිසා මම හා කීවෙමි.
ඔහු බුලත් කොළයක් ගත්තේය. පුවක් කෑල්ලක් තිබ්බේය. එකවර පෙට්ටි හතර පහකට අත දමා මොනමොනවාදෝ කලාවකට ඉස්සේය. මේ මොනවද යකෝ මේ දාන්නේ. මම අන්දමන්ද වී ගියෙමි.
මොනවාද අංකල් මේ
මේ කොත්තමල්ලි, මේ සූදුරු, මේ මාදුරු,මේ සූකිරි, මේ ඉඟුරු පියලි, මේ මත එනසහල් ‍, මේ කරාබු නැටි................ මේක නියම සිංහල විටක් පුතා............. තව දාන්න ජාති තියෙනවා. එහෙම වුනොත් 20 ට දෙන්න බැහැ. 50 ක් වත් ගන්න වෙනවා.............. නැවත දත් 32 ම පෙන්වා සිනා සෙමින් ඔහු විට දික් කළේය.
හැපුවේ දෙපාරය. කන් දෙකෙන් දුම් පිටවිය. අවුරුදු ගාණත් බීවූ ඉංග්‍රීසී බෙහෙත් වලට ගල් වූ පපුවේ සෙම ටික කැඩීගෙන ගියේය. පිට දිගේ හීන් දාඩිය රැල්ලක් බේරුනේය. සැබවින්ම එය සිරා බුලත් විටකි.
මේ බුල්ත් විටේ රසට සහ ඔහු කී වචනයකට මාගේ අළු පාට සෛල උත්තේජනය විය.
නියම සිංහල විටක්  මම මේ වචනය ඇසු දෙවන වරයි. මීට පෙර මෙය කීවේ පරිසර වේදියෙකි. ඒ සිංහරාජයේදි වැඩමුළුවකට අප හා එක්වූ සම්පත් දායකයෙක් වූ රාහුල අයියාය.
නියම සිංහල බුලත් විට කියන්නේ නියම prevention habit එකක් .. ඒ මිනිස්සු over dose නොවෙන්න කංසා දැම්මා.....................
ඒ හින්දා තමයි කැළෑ උණ වගේ වසංගත බෝ නොවුනේ.................
එය සත්‍යයකි. 1806 දි උඩරට ආක්‍රමණය කිරීමට ගිය නැපොලියන් බොනපාට්ට පාට් දැමූ බි්‍රතාන්‍ය ජාතික හමුදාවෙන් ¾ ක් බලන දුර්ගය පාමුල මිය යන්නේ කැලෑ උණ නිසාවෙනි. එහෙත් සිංහල ගරිල්ලා සේනාව කිසිදු උපද්‍රවයකින් තොරව සටන් කරන්නේය..................
සුද්දෝ මුල්ම පනත් ගේන්නේ අපිව අඩපණ කරන්න............... අංගම් සටන් තහනම් කිරීමේ පනත, කංසා වගාව තහනම් කිරී‍මේ පනත .. මේ හැම එකකින්ම අපිට තිබූ ආරක්ෂාව නැතිවෙලා යනවා    දිනක් A/L Project එක කරන දවස් වල ඥානේන්ද්‍ර සර් කි කතාවක් මට මතක් විය.
සුද්දන් ප්‍රශ්නයක නියම මූල බිජය සොයන්නට දක්ෂය. එය ඉතා සූක්ෂම ලෙස ඉවත් කරන්නට ද ඔවුහු දක්ෂය. ඩොයිලිගේ සිට හැම සුද්දාටම මේ තියරිය  පොදුය. එහෙත් ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාවට මෙය අදාල නොවේ. ඔවුන්ට පපුව එක unit  එකකි. ඇස තව එකකි. එහෙයින් ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාවේ failures රැසකි.
වෙදඟිල්ල බලලා ඕනම ලෙඩක් කියන්න පුළුවන්.............. ඒකයි ඒකට වෙදඟිල්ල කියන්නේ, මේ ඇඟ කෑලි ගොඩක් නොවේ, තනි දෙයක් ........  A/L Project නිසා දැනගත් යකා වෙදාගේ දියණිය හමු වන්නට ගිය මොහොතේ ඇය පැවසුවාය..................
සැබවින්ම අපට ලංකාවේ ජිවත් විය යුතු විදිය අමතක වී ඇත. අප දැන් වාසේ හැටියට දේසේ සාදයි
මේ පඬිකම් කියන මට ද ඕවා කරන්නට අමාරුය. ඔළුව කැක්කුමට මතක් වෙන්නේ Panadol ය. අඩුම තරමේ අප මේවා අදට ගැලපෙන්න   අන්වර්ථනය  කරන්න try කරන්නේ නැත.  මට දිනක් පත්තරයක තිබූ කතාවක් මතක් විය.
“ The bridge on the ricer quire“ චිත්‍රපටිය රූපගත කිරීමට පැමිණි හොලිවුඩ් නළුවෙකුට උණ ගැනී කිතුල්ගල ගැමියෙකු කොත්තමල්ලි වඩියක් දී ඇත. මැරි මැරී සිටි නළුවා වරුවෙන් පණ ගසා ඇත.
මේක ඇමරිකාවේ තිබ්බා නම් අද අප ජීවත් වෙන්නේ කොත්තමල්ලි වලින් පවුඩර් හදලා විකුණලා ඔහු කියා ඇත.
..................
දැන් වැස්ස තවත් වැඩි කර ඇත. මම ඔහේ කල්පනාවේ වැටී උන්නෙමි. මේ ‍අතර මා මෙන්ම වැස්ස අසරණ කරන ලද මැදි වියේ ගැහැණු කෙනෙක් ද කඩයට ගොඩවිය.
නෝනා කනවා නම් බුලත් විටක් කන්න. සල්ලි එපා......... මට කී කතවා ඔහු ඇයට ද කීවේය. Tint glass  දමා Coco Channel ගේ  Duplicate hand bag  එකක් දමා සිටි ඇයට බුලත් විටක් දික්කර අංකල් වැඩ වරද්දා ගන්නට යන බව මට වැටහිණි.
 :- /  මෙන් කට ඇද කළ ඇය අඩියක් ඉවතට තැබුවාය.
ඇයගේ ප්‍රතිචාරයට ඔහුගේ සිත රිදුනු බවක් මම දුටුවෙමි.
මෙතේනට ආවම ඉතින් මට බුලත් වලට වඩා දෙයක් දෙන්න නැහැනේ පුතා .............
සරල සිංහල දැක්ම ඒ වැකියේ සංක්ෂිප්ත විය. එහෙත් වාසේ හැටියට දේසේ හදන අපට දේ සේ හැටියට  වසන්නන් අමුතුය.......
 තව බුලත් විටක් මිලදී ගත් මම අඩුවූ වැස්සට යටින් යන්නට පිටත් වුයේ අංකල්ගේ අව්‍යාජ සිනහවක් හා salute එකක් ලබමිනි.

Thursday, July 21, 2011

ලෝක විනාශයට පෙර ............

.
ලෝකය ආරම්භ වී අදට හරියටම වසර   2කි.... මේ වන විට මම Jorge Bush  සමග වල කැන්ටිමේ තේ බී ඇත . දලයි ලාමා සමග ගොඩ උඩට වී චීන ටිබත් අර්බූධය ගැන සාකච්ඡා කර ඇත්තෙමි .  hillary Clinton මගේ හොද මිතුරියකි ........ පසුගිය දියක ඕෂෝ මා හා සෑහෙන වේලාවක් කථා තරමින් සිටියේය ...... මේ අතර මාගේ අති ජාත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ප්‍රංශ ජනපති මේ දින වල සුපුරුදු ලෙස ණය බරින් මිරිකී සිටින්නේය ... තවද marc Anthony  හා  Jenifer Lopez  අතර ඇති සම්බන්ධය පලුදු වී ඇකි බවක් පසු ගිය filmfare   magazinඑක හෙලි කලද ඇන්තනියාගේ හැටිත් ජෙනීපර්ගේ හැටිත් දන්නා මට එය පිලිගන්නට නොහැක . මා හට දුකකට ඇත්තේ අති දක්ෂ ලපටි ගායකයෙකු වන මිත්‍ර justin bilber   තවමත් ඇණ ව්මයි ....... සෑම දිනම රාත්‍රියේ ඔහු කිසි දින ඔහුට නොලැබෙන ස්විස්ටර්ලන්ත කුමරිය ගැන සිතමින් baby baby  baaaaaaaby යැයි මර හඩ දෙන්නෙ මන්දැයි නොතේරේ ......... didoට ඔහු පිස්සු වැටී සිටි බවත්  අන්තිම මොහෙතේ  Jessica albaගෙන් ඇසු බවත් මතක් කල විට  eminem 50centට අන්ත ලෙස ඔහු  rap කරන්නේය ....... වර්ථමාන ජනපති obama කලකට ඉහත තමා madona සමග වලේ දොඩමළු වූ බව මතක් කරනවාටත් ඇකමැතිය ..... ප්‍රසිද්ධීයේ බවලත් උදවිය හැදි ගෑවී යායුතු බව පවසන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කුමේනි ...... ස්වකීය කරත්තය දක්කන විට ද.කොරියාව මෙන් නිශ්ශබ්ද වන බව PAFERAL ආයතනය පසුගිය දා ස්වකීය වාර්ථාවේ ප්‍රකාශ කළේය ......... දින කිහිපයකට පෙර camela parker සම්මත කිරීමට තැත් කල දුම්වැටි සහ මත්පැන් විරෝධි පනත රුසියානු පෙඩරේෂනයේ දඩි විවේචනයට භාජනය විය ....අරුන්දතී රෝයි හදිසියේ මැඩගස්කර් ජාතිකයෙකු හා හාද වීම ඇය සමග කාලය ගත කළ රිදි තිරයේ කදුලූ බිංදුව හෙවත් මදුමතී මහ මග තනි කර දැමීමක් වැනිය . ජාත්‍යන්තර විචාරකයින්ට අනුව මෙය කල් බලා සිට් walter disneyට සහ mukesh akbhaniට කදිම අවස්ථාවකි.......
කලකට ඉහත පිහිටුවාගත් G8 , SAARC , NATO , හා EU වැනි සංවිධාන සක්‍රිය මට්ටමේ නොපැවතීම ගැන මම පෞද්ගලිකව තැවෙමි... මම දැඩිව කලාපීය සාමය අගය කරමි .....මංද ඒවා ලෝක පැවැත්ම සජීවී කරන්නට දායක විය. කෙසේ වෙතත් අති බහුතරය එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරති.... එහෙත් ආරක්ෂක මණ්ඩලයට ඇති නිශ්ශේද බලය මා දැඩිව පිලිකුල් කරන්නේය ....... කොයි කෙසේ උවද තවමත්  UN වටා එකතු විය හැකිය ...එහෙයින් පෙරුම් පිරූ ලෙස සැසියක් Hawaii මුහුදු වෙරළේ පවත් වන්නට අපට හැකි විය .... 
අවාසනාව වන්නේ මේ ලෝකයේ 50% ක් තව වසර 2කින් සහ ඉතිරි 50% ඊට වසරකට පසුද විනාශ වන බව පරම සත්‍යක් වන නිසාය .....එහෙයින් ලෝකය ආරම්භ වී දෙවසරක් පිරෙන අද දෙකක් ආවායයි මතක් කරන ගමන් තව යන්න ඇත්තේද දෙකක් 3ක් පම්‍ණක් බව මතක් කරන්නව සිතුනි......  



Saturday, July 9, 2011

වත්කම් ( the property & poverty )

මහත්තයාගේ නම මොකද්ද? සුදු ජාතික පිළි ගැනීමේ නිලධාරිනිය ඇසුවාය.
නානයක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන
බොහෝ වේලාවක් ගෙන ඔහුගේ ඉතා දිග නම ලියා දැමු පිළි ගැනීමේ නිලධාරිනිය ඔහුගෙන් නැවතත් ප්‍රශ්නයක් ඇසුවාය.
මහත්තයා කොයි තරම් කාලයක් හෝටලේ ඉන්නවද?
ඒක හරියටම කියන්න බැහැ..........
සමහර විට අවුරුද්දක් ... දෙකක්  ... නැත්තන් ඊට වැඩියෙනුත් පුළුවන්
බඩු මෙච්චරයිද තියෙන්නේ?
ආගන්තුක ආගන්තුකයා වෙත විශ්මය පිරි බැල්මක් හෙළූ ඇය නැවත ඇසුවාය.
ඔව්. තව මොනවා තියෙන්නද?
ඔබතුමාව රැජින හෝටලයට සාදරයෙන් පිළිගන්නවා. කරුණාකරලා මෙන්න මෙතනින් අත්සන් කරලා දිනය යොදන්න.
තමාගේ ඉතා දිග අත්සන අලසව ගසා දැමූ ඔහු 1941 පෙබරවාරි 03 වෙනිදා ලෙස දිනය යෙදුවේය.


*      *      *      *     *


එතකොට අංකල් මුදලිතුමා කළුතර කෙනෙක් නෙවෙයිද? මම විමසුවෙමි.
නෑ පුතා. මුදලිතුමා ගාල්ලේ උපන් කෙනෙක්. පොඩි කාලෙම එංගලන්තේ ගිහින් ඉගන ගත්ත නිසාම තමයි කළුතර පඩිකාර මුදලි කෙනෙක් විදියට පත්වුනේ. ඒ වෙද්දි ලංකාවේ හිටියේ පඩිකාර මුදලිවරු දෙන්නයි. එතුමාගෙ යටතේ ලස්කිරි‍ඤ්ඤ කුලී හේවායෝ හතළිහක් හිටියා. මේ තියෙන්නේ ඒ පින්තූරේ. මන්දිරයේ ඉහළ මාලයේ බිත්තියක ගසා තිබූ පින්තූරයක් පෙන්වමින් ඔහු කීවේය.
එතකොට මුදලිතුමාගේ බිරිඳ?
මගේ කුතුහලය රැඳී තිබුනේ මන්දිරය ගැනවත් මුදලිගේ වත්කම් ගැනවත් නොව ඔහුගේ සහ බිරිඳගේ කතාව පිළිබඳවය.


*      *      *      *     *



මං පාතයෙක් වෙන්න පුළුවන්............ ඒත් මං උගත් බොලව්. සුදු අස්වයෝ හතරක් බැඳපු කරත්තයක් තියෙන්නේ මටත් සේනානයක මුදලිතුමාටත් විතරයි. ඒ වෙලත් ඇයි තේක්ක බංගලාවේ මහත්තයා ක්ලැරිස්ව මට දෙන්න විරුද්ධ?
 උඩරැටියන් සතු යටපත් නොවන මාන්නය පිළිබඳව ද එදින රාත්‍රියේ තේක්ක බංගලාවේදී සිදුවූ අවමානය පිළිබඳව ද පුපුරා යන කේන්තියෙන් යුතුව ඔහු සිය නිවසේ ඉහළ පහළ ඇවිද්දේය. පෙර දිනක නැටුමේදී දුටු ක්ලැරිස්ව කෙසේ අමතක කරන්නද ......
මගේ කළුතර පාලතොට ඇති අක්කර හතළිස් දෙකේ වත්තම සූරිය බණඩාරගේ තේක්ක වත්තට වඩා ලොකුයි………………………..


*      *      *      *     *


……..මුදලිතුමාට තව අක්කර අසූ දෙකක ඉඩමක් ගාල්ලෙත් , අක්කර එක් දෙසිය ගණනක තේ ඉඩමක් නුවරඑළියෙත් තිබ්බා.
මහත්තයෝ.. මේක වලව්වක්වත් බංගලාවක්වත් නෙවෙයි. මොකද මේකේ උළු වහල පේන්නැති වෙන්න වටේ බිත්ති උස්සලා තියෙන්නේ. එහෙම ඒවාට තියන්නේ මන්දිර කියලා.


*      *      *      *     *



මං මගේ අළුතින් හදන ගෙදර ඔබතුමාගේ මන්දිරයේ ආකෘතියට හදන්න කල්පනා කරන් ඉන්නේ.
සිරිවර්ධන මුදලි අභිමානයෙන් යුතුව තම ඉන්දීය මිතුරා වන මහරාජාට කීවේය. සැබවින්ම ඒ වාක්‍යය තුළ වූයේ අභිමානයක් නොව අභිමානය පිළිබඳ ගැටළුවකි. එලෙස සාදන මන්දිරය ඉතා උස් එකක් විය යුතුය. එය තමන් හා ක්ලැරිස් අතර බැඳි උඩරට මාන්නයට වඩා උස් විය යුතුය.
එහෙත් එකී උස්වූ සිහිනයට මහරාජා අකුල් හෙලාවි යැයි ඔහු සිහිනයකින් වත් නොසිතුවේය.



*      *      *      *     *



අපෝ දක්ෂයි කියන ලංකාවේ මිනිස්සුන්ට මේක හදන්න සැලසුම් ඕනලුද කියලා, මහාරාජා මුදලිතුමාට සැලැස්ම දීලා නැහැ. ඒ පාර මුදලිතුමා මෙහේ හිටිය දක්ෂ මේසන් බාස්ලා දෙන්නෙක්වයි වඩු බාස් කෙනෙක්වයි ඉන්දියාවට අරන් ගිහින් මහාරාජාගේ ගෙදර පෙන්නලා ඔවුන් ලවා ඊට සමාන ගෙයක් හදවලා තියෙනවා. හැදුවේ තමා වැනි ආඩම්බරයකින් යුතුව විස්තර කරන්නා කියා සිටියේය.
හැදුවට පස්සේ තේක්ක බංගලාවෙන් දූ දෙන්න කැමති උනාද? මම කතාව නැවතත් මට අවශ්‍ය දිශාවට හැරෙව්වෙමි.



*      *      *      *     *



මංගල දින රාත්‍රියේ ඔහු ක්ලැරිස්ව කැටුව මන්දිරයේ සදළුතලයට ගියේය . අහස පුරාවට ගිණිකෙළි පිපිරෙද්දී ඔහු ඇයව ආදරයෙන් තුරුලට ගත්තේය ..... මෙය ආදරයක ජයග්‍රහනයක් පමණක්නොව ....   මහා තරගයක විජයග්‍රහනය වෙනුවෙන් ලද කුසලානයකි ... දෙන්නට බැහැ කියු මන්දිර සැලැස්මේ සදළුතලයට වී , පාතයාට දෙන්නට බැහැ යැයි කියු දියණිය තුරුළු කරගෙන ඔහු අද දින ජය පැන් බොන්නේය ......
එහෙත් තවමත් ජයග්‍රහණය ඔහු සතු නොවීය ...... ඔහු තවමත් ඔහුගේ සිහිනයට පියවරක් පිටුපසිනි ....
ක්ලැරිස් නෝනා අර බලන්න අර පේන පුංචි දරුවන්ගේ පිළිම 7 දිහා ... මට අන්න ඒ වගේ පිරිමි දරුවො .........
ඔහු ඉතා ආදරයේන ක්ලැරිස්ගේ කනට මිමිණුවේය .....



*      *      *      *     *



1907 දී බැදපු යුවල ඉතා සතුටින් හිටියා මහත්තයෝ  1941 අවුරුද්ද වෙනකම්
එතකොට අංකල් මුදලි තුමා පහත රට වෙච්ච එක ප්‍රශ්නයක් වෙලා එහෙම නැද්ද  
නැහැ පුතා එතුමා බොහෝම උගත් කෙනෙක්නේ.....
 සැබැවින්ම ඔහු මේ සියල්ල විස්තර කරන ලද්දේ යන්නතම් කුඩා කලදී තමා දුටු මුදලිගේ ඡායාවට ඉමහත්ව ගරු කරන්නනෙකු ලෙසය ..... මුදලිව හෑල්ලුවට ලක් කරනා එකදු වචනයක් ඔහුගේ මුවින් පිට නොවීය ........


*      *      *      *     *


 “මට නිදහසේ ඉන්න දීපල්ලා
ක්ලැරිස් ගැන කෝපයක් ඇති වන සෑම විටම ඔහු කළේ සදළුතලයට විත් උද්‍යානයේ ඇති කුඩා දරුවන්ගේ ප්‍රතිමා දෙස බැලීමයි ..... වසර 20කට ආසන්න විවාහයෙන් වැඩි හරියක් ගෙවී ගියේ ඇය හා දබර වන්නටය .... දබර වන සෑම විටම තමාට ඇය වෙතත් ඇයට තමා වෙතත් කියන්නට ඕනැතරම් දෙවල්ය .....  

බලන්න අර පේන පුංචි දරුවන්ගේ පිළිම 7 දිහා ... මට අන්න ඒ වගේ පිරිමි දරුවො .........  ඔහු උන්මන්තකයෙතු මෙන් තමාටම කියා ගත්තේය .....

ඒ පිළිම වල වූ බැල්ම ඔහුට වේදනාවක් ගෙන දුන්නේය  .............
මට අන්න ඒ වගේ පිරිමි දරුවො ......... 


*      *      *      *     *


 “මුදලිතුමා 1941 අවුරුද්දේ නෝනව කන්‍යාරාමයක නවත්වනවා ... ඒ කරලා මහත්තයා යනවා queens හෝටලයේ නවතින්න ....
එතකොට මේ වත්කම් ?
ඒ සේරම අනාථ පිරිමි දරුවන් නඩත්තුව සදහා එතුමා වෙන් කරා...... අදටත් මේ ඉන්න අනාථ දරුවන් යැපෙන්නේ ඒ මුදලින් .... උද්‍යානය පුරා දුවන පොඩි උන් පෙන්වා ඔහු කීවේය .....


*      *      *      *     *


1941 වර්ෂයේ ආගන්තුකයෙකු ලෙස පැමිණ වසර 6ක් පුරාවට උදෑසන තමාට සුභ පතා සුවදුක් විමසා චතුරව ඉංග්‍රීසි හැසිරවූ මේ  හිතවත් ස්වදේශීකයාගේ මරණය ඇයට යම් වේදනාවක් ගෙන දුන්නේය ....මේ වසර 6 පුරාවටම ඔහුගේ මුහු‍ණේ සිනහවක් රුදි දිනයක් ඇයට මතක නැත .....එහෙත් ඔහු හෝටල් ලොබිය පුරා ඇවිදින ළම්න් දෙස මහත් ආශාවෙන් බලැසිටිනු ඇයට මතකය ...
 
එහෙත් ඇයට ආගන්තුක නොවන ආගන්තුකයා ගැන සිත සිතා සිටීමට කල් නැත .... සුසුමක් හෙලා ඔහු ගැන මතකය අමතක කර දැමු ඇය නැවතත් සිය රාජතාරියට පිවිසියාය ......

මහත්තයාගේ නම මොකද්ද? ..........


*      *      *      *     *


ඩයල් එකට මාර සල්ලි නේ .......... ? මම ගමන ගිය ගගන් ගෙන් විමසීමි
සිරාවට .... ඇඩෙනවා නේ .......... ගගන්ගේ සුපුරුදු වාක්‍යය ඔහු කීවේය
එහෙත් ඔහු ආදරයෙන් අන්ත හිගන්නෙකි ........ මම මටම කියා ගතිමි ......

*      *      *      *     *

හදිස්සියේ සිතී කළුතර richdmon castle යාමෙන් පසු ලියන්නට සිතුනෙමි

Friday, June 24, 2011

දයියාගේ මතක


අවුරුදු 2කට පසු campus එකෙන් හරිහමන් නිවාඩුවක් ලැබුනේ මේ පාරය .... නිදහසේ චූන් එකේ bus එකේ නුගේගොඩ සිට ගෙදරට එමින් සිටි මට  මහරගම ධර්මාශෝකය අසල bus halt එක පාසල් කාලයේ සුන්දරම මතකයක් අවදි කළේය  ..... ඒ දෛයියාගේ o/l  විද්‍යාය පංතියයි ... අදටත් එය මාගේ  ප්‍රියතම tuition පංතියයි ....ඇත්තම කීවොත් එය මා ඇතුලු වූ අංග සම්පූර්ණම පංතියයි .... ඒ
එහි මට සෑම ආකාරයේම යහලුවන් සිටි බැවිනි.... පොඩ්ඩක් ඇස් පුංචි කර කවුරුන් හෝ බැලුවොත් ....
මොකද ඩෝ බලන්නේ යැයි අසා ගුටි කෙලගන්නා වලිකාරයන්ගේ සිට ... Einstein  වැනි bright පොරවල්ද ... හෙනම සිරා ප්‍රේම වන්තයන්ද එහි විය....
තවද මා වඩාක්ම ප්‍රිය කළ කෙල්ලන් set එක සිටි යේද මේ පංතියේය .....විශේෂත්වය වන්නේ සතියේ දින මෙන් මේ කෙල්ලන් දහඩිය පෙරා ගෙන ‍කළු ගැසී මේ පංතියට නො එති ..... සති අන්ත පංත්යක් වූ මෙයට ඔවුන් වෙනමම පේ වී තිබෙන හොදම වස්තරය ඇග ලා පැමිණෙති .... එහෙයින් අජූවකින් තොරව ඔවුන් දෙස බලාගෙන සිටිය හැකිය......
මේ හැම දෙයකටම වඩා පංතිය අංග සම්පූර්ණ කරන ලද්දේ දෛයියා හෙවත් දයාන්නද සර් විසිනි .......දෛයියා  යනු අප විසින් ඔහුව ඇමතු ආදරණිය කෙටි නමයි .. මේ නමින් ඔහුව අමතන බව ඔහුද දනී..දෛයියා යනු කවරෙකුදැයි මහරගම , පන්නිපිටිය අවට o/l කරපු අයට අමුතුවෙන් හදුන්වා දිය යුතු නැත... දෛයියාගේ පංති යාම යනු ඔබ විසින් o/l කාලය තුළදී මග නොහැරිය යුතු අත් දැකීමකි... ඒ විවධාකාර අත්දැකීම් බර set එකක් හරහා මෙම පංතිය ඔබ රැගෙන යන නිසාය .......
බෝතල් ගුටිය
මානව හිමිකම් සහ සිසු අයිතිවාසිකම් රැකෙන ආකාරයට පහර දීමටද , බිත්තිය මුල්ලට වී shape වන අන්ඩයන් තමාගේ ආවරණ කලාපයට නතු කර ගැනීමටත් මහු විසින්ම නිර්මාණය කරන ලද ඇටවුමක් ඇත , එනම් පුංචි බබා කුඩයකට ගැසූ හිස් mega බෝතලයකි .... මේකෙන් ගුටි කෑවිට මෙලෝ යකෙකුට රිදෙන්නේ නැති වුවත් ගුටි කෑ වහා මහා ලැජ්ජා සහගත හැගීමක් ඇති වේ ...... ඒ නිසා දසම අන්ඩයන් හැරෙන්න බහුතරය මේ බෝතල් ගුටියට බයය .... ඇරත් මේකෙන් ගටි නොකෑ කෙනෙකු සෙවීම අපහසුය ........

උත්තර නැති MCQ
උගන්වන අතරේ side talks දෙන්නන්ට සහ මනෝ ගසන්නන්ට මේ ටොපිය කෑමට සිදු වේ .....එනම් උත්තරය නැති බහුවරණයකට මුහුණ දීමයි .....
යකඩ මලීන උනාම රෝස පාටද ? නිල් පාටද ? “
සජල chloride දුඹුරු පාටද ? දම් පාටද ?”
ඇපෙන් බේරෙන්න කනා පල්ලන් ගසන එවුන්ට බෝතල් ගුටියද , අම්බානක chater ද කෑමට සිදු වේ ...... දිනක් සර් උත්ස්වේදනය උගන්නන අස්සේ කෙල්ලෙක් බිත්තිය කෙළවරට වී බර කථාවකය .......
ඒඃ ජල්බරි කෙල්ලේ ......  කියන‍වා බලන්න දැන් මං කිය කියා හිටියේ galle face තියේනනේ ගාල්ලෙද ? මාතරද ? “
අන්ද මන්ද වී ගිය කෙල්ල ලැජ්ජාවෙන් ඇඹරී
මාතර යැයි කෙදිරි ගැවාය .......
ආදරේට ලකුණූ දැමීම  
පංතිය පටන් ගනිද්දී දෙන ප්‍රශ්න 10 යේ හරි වැරදි බලන්නට දෙන්නේ එහා පැත්තේ පොලිමේ සිටින කෙල්ලන්ටය... අපිට බලන්නට ලැබෙනනේ උනගේ පොත්ය ..... මෙය එහෙන් මෙහෙන් ඉගි පෑමටද  hint පාස් කිරීමටද නියම වේලාවකි ..... හරි වැරදි බලන පොත කාගේදැයි හරි ආකාරව දැන ගැනීම ඉතා වැදගත්ය .... තමන්ට අවශ්‍ය පොත ළගට ගෙන්වා ගැනීමේ පොඩි පොඩි game මේ අස්සේ දිග හැරේ ...... මෙහිදී try කරන නම් ප්‍රසිද්ධ කළ එවුන්ට වාසි සහගතය ........
ඒ මචං උඹ ඔය බලන පොත මට දීපංකෝ ..........
එවිට .....
නොදකින් උලමා .... තෝ විතරක් නෙවෙයි යකෝ මාත් ඒ කෙල්ලට කැමතියි යැයි සිතින් සිතා මුව්න් සිනා සී හූල්ල හූල්ලා ඔහුට පොත දන් දීමට සිදු වන්නේය ........
කෙලෙස හෝ බාධාවකින් තොරව ළග රැදෙන හිත ගිය පොතකට අත දිග ඇර ලකුණු දමා පිටු භාගයකට අත්සන දැමීම මගේ මෙන්ම කාගෙත් පුරුද්දකි......

Farewell පාටිය ....
මෙය o/l පංතියක කොයි ලෙසකින් වත් බලාපොරොත්තු විය නොහැකි farewell පාටියකි ......
-          පංතියම කළු කොල අලවා dark කරයි
-          සද්දෙට හොදට සිංදු දමයි
-          විභාගේ  ලබන අවුරුද්දේ මෙන් නටයි
-          අවසානයේ සර්ද සුරංගනීට මාළු ගෙනාවාගීතය ගයා නටයි .......
අවශ්‍ය නම් මම කලා මෙන් , ආ‍යේ දැක බලා ගැනීමට අඩු සම්භාවිතාවක් ඇති පහු ගිය වසර 2 පුරාවටම බලාගෙන උන් කෙල්ලට විශේෂයෙන් සුභ පතා විශේෂයෙන් සමු දිය හැකිය.....

මේ පංතියදී අප අත් විදි සතුට විස්තර කිරීම අපහසුය, බහුතරයට ඔහු විසින් දැමූ නම් ඇත. පාසලේ කාලයක් රිය නියාමකයෙක් වූ මා හදුන්වන ලද්දේ trafficca ලෙසය ....... මේ සතුට අස්සේ tactical විදියට විද්‍යාවේ logic අපගේ ඔලුවට දැමීමට දයියා සමත් විය ..... theory කට පාඩම් කිරීම හෝ එක එක ජාතියේ ගණන් හැදීම වෙනුවට ඔහු theoryය තෙරුම් ගන්නට සැලැස්සූවේය ..... තවද පංතියේ කෙතරම් ප්‍රේම වෘතාන්ත දිග හැරුනද කෙල්ලන් සහ කොල්ලන් අතර ඉගනීමට හොද තරගයක් විය.... a/l පංතියක මීට යන්තම් සමාන අත්දැකීම් ලැබුවද මට ඒවා මේ තරම් ආතල් නැත ......

මෙලෙස සර්ව මතක් වී බහිද්දී bus halt එකක් පහු වී හමාරය ....... පොඩි පොඩි කථා මතක් කරම්න් ඒ දුර ඇවිද ගිය මම සර්ගේ ගෙදරට ගියෙම් ......
කව්ද මේ ...............?”
අදුන ගන්න පුලුවන්ද සර්ට ?”
ජල්බරියා මේ traffic නේද ? මොකද මිනිහෝ මේ රැවුල කොණ්ඩ වවාගෙන ?.”

සර්ට තාමත් අපිව මතකය..................
prevention is better than cure

Wednesday, June 22, 2011

දෝතලුගලට පයින්ම

Blog එක කාලෙකින් ලියන්න බැරි උනේ වැඩක් කියලා දෙයක් මහ ලොකුවට නොතිබ්බට පොඩි පොඩි වැඩ ගොඩකින් හිර වෙලා හිටිය නිසයි . ‍යන්තම් නිදහසක් හම්බවෙච්ච ගමන් blog එක ලියනවට වඩා දෙයක් කරන්න ඕන නිසා අපි කට්ටිය set වෙලා කොහේ හරි යන්න හිතුවා ..... මේ හිතුවා මේ ගියා ගමන් වලට දැන් හොදට අනුවර්ථනය වෙලා තියන නිසා .. එ‍වෙලෙම සිතියමක් අරං බලලා අම්පාර දිගාමඩුල්ල ගොව්දු හෙල පැත්තේ යන්න තීරණය කලා ... එහෙම හිතා ‍ගෙන කන්න ගොඩට යද්දී nature team එකේ සුපුන් අයියා හම්බ උනා ... සුපුන් අයියලා කොයි වෙලෙත් රට වටේ ඇවිදින අය ... trip එකක් ගැන උපදෙසක් ගන්න නියම කෙනේක් .. නිකමට වගේ ඇහුවම එයා තමයි deanston ගැන කිව්වේ...... දැන් ඒ පාර යන්නනේ deanston ලු ...... එවෙලෙ එවෙලෙ හම්බ උන අය 6ක් set කරගත්තා ගමනට ..... camp එකේ ඉන්න පුලුවන් 6කට විතරයි .....

බත්තරමුල්ලේ වන සංරක්ෂනේට යද්දී වාසනාවකට වගේ deanston camping bed එක 18 වෙනිදට කවුරුත් book කරලා නැහැ ... ඒකත් book කරලා ඕන කරන බඩුත් එහෙම අරගෙන 17 වෙනිදා රෑ 11.30 ට කොටුවෙන් තිබ්බ අම්පාර bus එකේ අපි 6 දෙනා ගමනට පිටත් උනා ........

පාන්දර 3.30 වෙද්දී අපිට හුනස්ගිරියෙන් බැහැ ගන්න  පුලුවන් උනා .. දැන් ඉතිං 7ට පිටත් වෙන ලුල්වත්ත bus එක එන තෙක් හීතලේම රජ කට්ටක් කෑමට නියමිතව ඇත .....ටික වේලාවක් හංදීයේ චාටර් උනු අපි නිකම‍ට මෙන් ළග හිටිය අයියා කෙනෙකු සමග කථාට වැටුනි .......

අයියේ ලුල්වත්ත bus එක මෙහෙන් කීයටද යන්නේ
ආඃ ඒක යනනේ මල්ලී  හවස 2ට .......  හවස 2ට  යන්නට ඇති bus එක ගැන පාන්දර දොට්ට පිලට යන්නටත් කලින් විත් විමසන මේ පිස්සො ටික කව්ද වැනි බැල්මක් හෙලමින් dial එත කීවේය ....
Chocolate දැවටු ටොපියක් කෑමට නියමිත බව අපට ඉවෙන් මෙන් වැටහුනි ....
අයියේ පයින් ‍යනවනම් කොච්චර විතර දුරද
අනේ ගොනෝ පයින් ගියත් bus එකේ ගියත් එකම දුරනේ වැනි කොචොක් හිනාවක් දමමින් අපේ අයියා ඉතා ආදරණීය ලෙස
14km විතර තියනවා මල්ලී  යැයි කීවේය ........
ඒඃ පයින් යමුද ......  ‍14kmත් අපිට ගේමක්ද ‍ඩෝ වැනි බැලිමක් අයියාට දමා ගෙන මම කටිටියගෙන් ඇහුවා
මල්ලී පයිනස් කැලේ සර්පයෝ ඉන්නවා .....
අපි ගාව torch තියනවනේ එවර මොයිලා පොර talk එකක් දැම්මේය .....
මල්ලී කුලු හරක් ඉන්නවා  පයිනස් කැලේට පස්සේ   torch එකෙන් අහවල් කෙන් ගෙඩියක් කොරන්නද ඕයි මෙන් අයියා ඇසුවේය .....
මුලු කෑගලු කෝරලය පුරාම කරක් ගසා ඇති පයිතෙකු මෙන් මෙවර විකුම් හෙවත් වංගුවා යමුද යැයි හිසෙන් කීවේය ...
මල්ලී කන්දෙන් එහා කොටියා ඉන්නවා ..... අයියා එවර තුරුම්පු ආසියා ගැසුවේය .......
කටිටිය කට පියා ගත්තේය .....
තව ටික වේලාවක් මෙතන හිටි‍යොත් මුලු kongo  වනාන්තරයම  හුනස්ගිරියට විත් kongo හී සංචාරක ව්‍යාපාරයට මරු පහරක් එල්ල විය හැකි බව තේරුමි ගත් අප එ‍තනින් විස්ථාපනය උනා .......
යන්න මොහොතකට පෙර ආදරණිය අයියා ස්වකීය පරම අධ්ෂ්ඨානය හෙලි කළේය......
මල්ලි මගේ wheel එක තියනවා  ..... 700ට ගිහිං දාන්නම්

ඔහුගේ ඥාතී සනුහරයටම සිතින් ආශිර්වාද කල අපි කෝකටත් කොටියා ගැන සිතා යන්තම් එළිය වැටුනු පසු ගමන පටන් ගත්තේය ( අයියගේ කථාව ඇත්ත බව පසුව දැනගත්තෙමු )......... පටන් ගත් නැකත ඉතා සුභය.... යනකමි එනතම් 62km ආසන්න දුරක් ඇවිදෙමු ... වට පිටාවේ විස්තර කල නොහැකි ලස්සනත් ... අතරමග සිදු වු ආතල් නිසාත් ගමන වෙසෙකර නොවීය... දුටු සුන්දරත්වය විස්තර කීරීමට උත්සාහ දැරීම අමන උත්සාහයකි ... එහෙයින් මගේ ආරාධනය එය සියැසින් විදගන්නා ලෙසටයි ; හැබැයි මෙය රොතු පිටින් ගොස් විනෝද විය හැකි තැනැක් නොව ,ඉතා සුලු පිරිසකට ගොස් පරිසරයේ magic බලා ගත හැකි තැනකි  .......... කෙලෙස වුවත්  අර කියමන සිහි තබාගෙත යුතුය ..... “ leave only foot prints , take only photographs “

එහෙම අපි අරගත්ත photos ටිකක් මේ ..............









අපේ නඩේ


Saturday, June 11, 2011

කැඩපත ( THE MIRROR )

තේජස්ව
ගාම්භීරව
විරාජව
පරිණතව හිනැහුණෙමි.......
අඳබාල නිවටයෙකු විරිත්තුවා
ඇතුළෙ සිට.