Sunday, August 28, 2011

K9 බයිස්කෝප් !


අන්න අර වේ... බල්ලා අදත් එනවා shoot කරන අස්සට ......
ඒ මතා .... ඕකව එලවපං බං
බල්ලන්ගෙන් අපට ඇත්තේ සුළු පටු අපලයක් නොව .campus එකේ වැඩකදී camera එළියට ගන්න පරක්කුවට බලු කරදර මතු වන්නේය . හොද location එකක් බලා tripod එක සිටවා frame එක තිතට හදා ගන්නවාත් සමග කොහේ හෝ යන දඩෝරියෙක් frame එකට විත් අට ගසා හරිබරි ගැසී ඉදගන්නේය . එතකින් නොනැවතෙන සමහරක් අසමජ්ජාති බල්ලන් shot එකේ කූඨප්ප්‍රාප්තියට එද්දී කකුළ ඉස්සීමට තරම් නින්දා සහගත වන්නේය .සමහර video , shootද කර සර්ලාට submitද කල පසු frame එකේ කෙලවරේ බල්ලෙක් සිටින බව දකින්නේය .දිනක් ඉරුපාගේ idea එකකට ගත් ප්‍රේමණිය ජවනිකාවක්ද බල්ලෙක් නිසා අරුත් ත්‍රීවෘවිය.
ගගන් සහ ඩමී පෙමින් මුසපත්ව screen එකට වම් පසින් enter වන්නේය .හරියටම ප්‍රේමණිය බව උච්ච වත්ම කළු ලොන් හැළුනු නාටු බල්ලෙක් හරියටම 1:3rd rule point එකකට විත් ශරීරකෘතියක් කිරීමට අරභන්නේය .මෙතෙක් අප ඉගෙන ගත් filming න්‍යාය වලට අනුව රූප භාවිතය මෙලෙස සැකවින්  විෂ්ලේෂණය කල හැකිය . එනම් ස්ථිර ප්‍රේමයේ ( screen එකේ දකුණු පස නිසා)  කූඨප්ප්‍රාප්තිය යනු , අස්තාවරව ( screen එකේ වම් පස නිසා)   පහරනවා වැනිය .

මෙම සුනඛ භි.ිතාවේ දරුණුම සිදුවීම සිදු වූයේ පසුගිය දවසක
one minute long take එක සදහා video එක ගැසීමට ගොසින්ය .
 ඒ මතා .... ඕකව එලවපං බං
යමක් කියන්නට පෙර අටුවා ටීපනී දී , රස කර තෙල් දමා දාර්ශනිකව අදහස් ඉදිරිපත් කරන්නට පුරුදුව සිට්න මතා ලවා බල්ලන් එලවීම යනු මල් ඉස්කුරුප්පු නියනෙන් tintes ඇණ ගසනවා වැනි වැඩකි . තමා බල්ලෙක් වීම ගැන පිළිබදව පුද්ගලිකව ලැජ්ජා විය යුතු බවත් , නිදහස් මතදාරී මෙවැනි සිසු කුලකයකට බාධා කිරිම හුදෙකි කිරි බී වැඩෙන සතුන්ට කරන අසාධාරණයක් වැනි talk එකක් මතාට දෙන්නට හැකි උනා නම්, බල්ලා මේ පැත්ත පලාතේවත් ඉන්නේ නැත .එහෙත්  මාතාද යොදා ගත්තේ අප හැම යොදා ගන්නා දුප් බල්ලා යන වචනයයි . බල්ලාට මේ  දුප් බල්ලා එක ඇල්ලුවේ නැත. ඔහු මතා සමග සෙල්ලමක් කල යුතු බවට එවෙලේ  සිතා ගත්තා විය යුතුය .  ඌ මතා ඇවිස්සීමේ අරමුණින් මෙන් නතර වෙවී දුවන්නට පටන ගත්තේය . මෙයින් මතා කුලප්පු විය .

අඩෝ මු යන්නේ නැහැනේ බං කියමින් මතාද ටික ටික ඌ පස්සේ දුවන්නට විය .
ආං තෙල් මතා උඹේ තෙල් බලෙන් පුලුවන්නම් මාව අල්ලපං බලන්න වැනි කොචොක් line එකක් දෙමින් බල්ලා මතාව අවුස්සන්නේය . මතාද ඹට්ටුවට මෙන් බල්ලා සමග දුවන්නට පටං ගත්තේය .
ඒ ඕක ගසපං ...... video කරපං  one minute shoot කරන්නට ideas නැතුව සිටි සියල්ලගේ සුභසිද්ධිය තකා ගගන් සහ පගලා කෑගැසුවෝය .......
මතා දිගටම දුවපං
මමද දැං cameratripod එකේ ගසාගෙනම chasing the dog රූප ගත කරන්නේය ......
ඉස්සරහින්ම බල්ලා , දෙවනියට මතා , තුන් වෙනියට මමය .........
බල්ලා S අකුරක හැඩේට ගිය විට මතාද ඒ අකුරටම කනේ වැලි ගැවෙන්න හරවන්නේය .... මාත් ඊට second නොවෙන්නට වංගුව ගසන්නේය........
බල්ලා දැං ටික ටික වේගවත් වන්නේය
මල්ලී බල්ලව අල්ලලා ඕනෙද ? මගේ පිටිපස්සෙන් කට හඩක් ආවේය ......
හුටා !!!  අපගේ බලු race එකට අළුත් සාමාජිකයෙක්  .... ඒ ground එක බලාගන්න‍ෙ security අයියා කෙනෙකි ....
දැං ඉස්සරහින්ම බල්ලා , දෙවනියට මතා , තුන් වෙනියට මමද , මගේ පිටිපස්සෙන් චූස් චූස් ගාමින් security අයියාය  .........
කට්ටියම බල්ලා අනුගමනය කරමින් දුවන්නේය .......
ඒ බැහැ බං ඌත් එක්ක මතා නැවතුනේය
මල්ලිලා වැඩකටද ඌව අල්ලන්න try කරන්නේ  යන්නතම් හති දමමින් අයියා ඇසුවේය .....
ඌ අපේ take එකක් විනාශ කර දැමු බවත් , කුපිත වූ මතා උ් පස්සෙන් එලවු බවත් , ඒකේ ආතල් එකක් ඇති නිසාත් , අපට video footages මදි නිසා උ් පස්සෙන් දිවු බව අයියාට පැහැදිලි කර දෙන්නට වෙනම ගේමක් දිය යුතු නිසා අපි ......
ඔව් අයියේ assignment එකකට කියා කීවේය ......
බල්ලො ගැනද මල්ලී !!!!
අපි මුකුත් නොකියා කට පුරාවට හින උනෙමු ......
ඒ බං මේ මල්ලිලාට බල්ලන්ගේ photo ගහන්න ඕනලු
වැඩෙ පත්තු විය ........ මුලු security division එකම දැං පිට්ටනිය පුරා බල්ලො අල්ලන්නට දුවති .....
මල්ලි මු තමා ජිමී .... අපි මූව හැමදාම නාවනවා බල්ලාව වඩා ගෙන එන ගමන් අයියා කියයි .....
අයියාගේ අව්‍යාජ උදව් කිරිමේ චේතනාව නිසා .... අයියාගේ හිත නොරිදෙන්න අපි photos 3 4ක් ගැසුවෙමු ....
ඔන්න උඹේ photo ගැහුවා අයියා ආදරයෙන් බල්ලාට කියයි.........
මල්ලි මු තමා ටිමී .... මූගේ කන කපලා operation තරලා තියෙන්නේ අයියා තව එකෙක් උස්සන් එන්නේය
මල්ලි මු තමා ලැසී .... මූට පැටව් හම්බුනා විතරයි තවත් එකෙක්

 මල්ලි මු තමා.............,
මල්ලි මු තමා.............,
මල්ලි මු තමා.............,
වැඩේ එන්නනම දරුණු වන්නට විය ..... බල්ලන්ගෙන්ම memory card එක පිරෙන්නට විය ......
ඇති අයියේ බල්ලෝ 5 දෙනෙක් ගැනයි assignment එක කරන්න තියෙන්නේ thank අයියේ supp එකට
බේරෙන්න බැරිම තැන කීවේය........
right මල්ලී .............................

ආයෙත් අපි බල්ලා විසින් කඩාකප්පල් කර දැමූ shoot  එක කරන්නට සැරසුනෙමු ..........
මල්ලී අයේ බල්ලො එහෙම ඕන්නං කියන්න ආ අයියා කන්න යන ගමන් කියා ගෙන ගියේය ........
“~!@#$%^&*()_____~!@#$%^&*()_”




අයියාගේ ටිමී , ජිමී සහ ලැසී