Thursday, May 5, 2011

අවසානය සහ ආරම්භය ( hardest part of the end )


මේ post එක ලියන්නට හිතුනේ linking park band එකේ waiting for the end  කියන සිංදුව ආයේ ආයෙත් ඇහුවට පස්සෙයි .... මම ඉංග්‍රීසි සිංදුවක් අහද්දි සාමාන්‍යෙයෙන් කරන්නේ ඒකට මගේ උපරිමෙන් සිංහල පරිවර්ථනයක්  දෙන එකයි ( නියම පද රචනය නොබලා එක පාරක් දෙපාරක් අහල කරන මේ පරිවර්ථන බොහෝ විට සිංදුවෙ ඇත්ත අර්ථයට ඉඳුරාම වෙනස්. ඒත් බොහෝ විට මම මගේ වැරදි පද මාලාවට original  එකට වඩා ආසා කරනවා ) ... එහෙම කරලා අනෙක් ඕන සිංදුවක් අහද්දි කරනවා වගේම  අහල තියන කථාවක් එක්ක ඒක ගලප ගන්නවා. මේ මගේ සිංහල waiting for the end සිංදුවයි ...........
අවසානය තෙක් ......

මෙය අවසන නොව
ආරම්භයද නොවන්නේය.....
මෙය හුදෙක් ඝෝෂාවක් පමණි ....
හොඳින් සවන් යොමන්න
මේ තුළ යම් හිස් බවක් ඇත ....
වේදනාවේ සහ බියෙහි අනුකම්පාවෙන් හිස් දෑත මිටි මොලවා
ඔහේ අහස පුරාවට සරන්නෙමි ..........

අවසානය එනතෙක් මම බලා ඉන්නෙමි ....
වාවා ගන්නට තරම් හයියක් මට නොමැත......
මේ මම කිසිත් නොසිතූ දෙයකි ........
සියල්ල මාගේ අත දිග මානයෙන් ඉවතට ගොසින්ය.....
හිස් බව තුළ සිතුවිළි කැලතෙද්දී පවා මට සිතෙන්නේ
මෙය මා කොයි ලෙසකවත් නොසිතූ අවසානයක් බවයි....

කෑලි කැඩී විසිරුළණු සියල්ල එක් කොට
මා කෙලෙස ආරම්භ කරන්නද නැවතත්

අවසානයක ඇති වේදනාව අවසානය නොව
නැවත ඇරභිමයි .......

මේ සිංදුව post එකක ලියන්නට තරමි වීශේෂ උනේ ...... ඒකට මට මගේ a/L යාළුවෙක්ව මතක් කරන්න පුළුවන් වෙච්ච හින්දයි .එහෙමත් නැත්නම් මම අවස්ථා සම්බන්ධය හදා ගත්තේ ඒ යාළුවගේ කථාවත් එක්ක ග මම යාළුවගේ නම නොකියා ඉන්නමි . a/L  කට උඩ තියාගෙන මිනිහා ආදරයක් හින්දා නැතිම වෙලා ගියා  (a/l කාලේ මේ යාළුවා කවිද කියලා මගේ ඉස්කෝලේ යාළුවො දන්නවා ඇති ) ......  මේ සිංදුවෙ තියන එක පද පේළියක්  මිනිහා මාත් එක්ක ඒ විදියටම කිව්වා ... එයාගෙම වචන වලින් කියනවනමි.....

ඒකි කරපු වැඩේ හින්දා මේක ඉවර උන එක ගැන දුකක් නැහැ
මට එච්චර upset එකකුත් නැහැ බං  
ඒත්  අවුල මම මුල ඉඳලා පටං ගන්න එපැයි බං

The hardest part of ending Is starting again!!

ඌට තිබුනේ ආයේ පටන් ගන්න වෙච්චි එක ගැන අවුලක්...... මට මේ සිංදුවෙත් ඇහෙන්නෙත් එහෙම ‍දෙයක් .... හරියටම නට්ටටම අවුල් ‍වෙච්ච කාමරයක් කොහෙන් අස් කරන්න පටන් ගන්නද කියලා , කාමරේ මැද්දේ පුටුවක් තියාගෙන ඔහේ කල්පනා කරං බලං ඉන්න කොල්ලෙක් වගේ .............

ඇත්තටම හිතලා බැලුවොත් අපි ඉවර වෙනවට නෙවෙයි බය ආයේ පටං ගන්න වෙන එකටයි ............

http://www.youtube.com/watch?v=XhzDiNiPS2M  සිංදුවෙ link එක ............


Sunday, May 1, 2011

කව්ද හොල්මන ?


අපි කාටත් එක එක ආකාරයේ පිස්සු ඇති බව නොරහසකි ..... මේ රෝග විවිධාකාරයෙන් දරුණු ස්වරූප ගත් විට අපට කෙසේ වෙතත් බලන් ඉන්න එවුන්ට ඇත්තේ පුදුමාකාර ආතල් එකකි ..... එලෙස තමාගේ රෝගී තත්වය නිතර උත්සන්නව පවත්වාගැනීමට වග බලා ගන්නා එක්නරා චරිතයක් අපගේ campus එකේ සිටී ..... ඇගේ නම post එකේ පල කර මගේ ඉදිරි සරසවි දිවිය විනාශ කර ගැනීමට අකමැති බැවින් ඇයට මම දැනට නිකංලා යැයි කියමි ( ඇරැත් ඇගේ අයිතිකාරයා හතර රියන් පොරකි ) .

රෑ වී බෝඩිමට පැමිණි විට තමාගේම නම කියා දොරට තඩි බෑමද,
lectures වලදී ඇගේ නම කියා කතා කළ විට “ABSENT “ යැයි කෑගසා අත ඉස්සීමද ,
මහ දවාලේ හොඳාකාරවම පෙනෙන්ට තියන , උවමනාවකට වුවද හැප්පීමට අපහසු බිත්ති වල හැප්පීමද ,
කාට හෝ දුරකථන ඇමතුමක් ගත් විට අදාළ පුද්ගලයා විමසීම වෙනුවට “hello , නිකංලා ඉන්නවාද ? යැයි ඇසීමද ,
මේ water colours වල පාට යනවායැයි  කවුරුන් හෝ පැත්තක සිට කී විට උඹලා හරි නරකයි මටත් නොකියා අනුරාධපුරේ යන්න නේ හදන්නේ යැයි ටැපලිල සහගත මැසිවිලි නගමින් කථා වලට set වීමද .......
වැනි ඇයගේ ඉතාමත් සාමාන්‍ය හැසිරීම් හැරුනු කළ ඉඳහිට තත්වය උත්සන්න වන අවස්ථාද ඇත .... එවැන්නක් පසුගිය දිනක සිදු විය.......
කථාවට සමිබන්ධ ගෙජ්ජා සිටින්නේ මගේ  boarding කාමරේය .... ඔහුගේ කෙක්ක හෙවත් ප්‍රියංභිකාව(නිර්මදා) සිටින්නේ අපගේ කථා නායිකාවට‍ගේ boarding කාමරේය ........
නිර්මදාගේ දුරකථනය මල් නෙළන අවස්ථාවක ප්‍රේමයේ උපරිමයට පැමිණ commode  එකට වැටීමෙන් පසු .... ගෙජ්ජා පණිවුඩ යැව්වේ නිකංලාගේ දුරකථනයටය ... එලෙස දිනක් පණිවුඩයක් අවසානයේ ගෙජ්ජා මෙලෙස සටහන් කළේ ඇගෙන් සුපුරැදු ටැපලිල සහගත විකාර reply එකක් බලාපොරොත්තුවෙනි......
මම ගෙජ්ජා නෙවෙයි ..... ගෙජ්ජට වැහිලා ඉන්න හොල්මනක්
Reply එකක් බලාපොරොත්තුවෙන් බොහෝ වේලා ඔහු සිටියද , එවැන්නක් නොලැබිනි ........ bite කරන බව දන්නා නිසා reply නොකර සිටින්නට ඇතැයි සිතූ ගෙජ්ජා නින්දට ගියේ හිනා  වෙන්නව තිබූ අවස්ථාවක් ගිලිහී යාමේ දුකද සමගය .......
එහෙත් සිදු ඇත්තේ වෙන දෙයකි ... කරන්නමි උඹට හොඳ වැඩක් යැයි සිතූ නිකංලා මෙලෙස  reply එක type  කර ඇත .....
මම නෙවෙයි හොල්මන තොගෙ ගෑනි තමා හොල්මන “ ( ඇය එයද තෙරුම් ගෙන ඇත්තතේ රුවිතෙටය )
දිවත් විකාගෙන දෙන්නං ජම්බු යැයි සිතින් සිතමින් ඇය message එක ගෙජ්ජාට යවනවායැයි සිතා යවා ඇත්තේ ඇගේ ප්‍රේමවන්තයාටය.....
ඇය සමගම කාලය ගත කර ඇයටම අනුවර්ථනය වී ඇති ඒ යස අගේට හිටි කොල්ලාටද රෝගයේ මූලික ලක්ෂණ පහල වී ඇති බව වැටහුනේ  පසුදින ඇය වෙත පැමිණ සුසමක් හෙලා මෙවැනි chain  කථාවක් කී බව ආරංචි වීමෙන් පසුවයි.......

ඔයා දැන් ඉසිසර වගේ නෙවෙයි හරි වෙනස් වෙලා ...... මට දැන් හොල්මන කියලත් කථා කරනවා
( හුදී ජන පහං සංවේගයට පල කළ මේ post  එකේ නම් ගම් ඇත්තවුන් ... ගැත්තාට අනුකම්පා කරත්වා)



කවි කථා 01


 ජීවිතය වුවමනාවට වඩා pressure වූ විටත් , බිංදුවටම pressure  බැස්ස විටත් මම කවි ලියමි . එලෙස pressure බකල් වු විට ලියූ කවි වල නිධාන කථා මේ ලෙස කවි කථා තුළින් ලියමි .

isyskhloS urKh

ishjil fjr fhdod  
hduhla ksos jrd
h:d¾hg odj
ms<sis| .;a isyskhl
cSú;h f.jkakg
ñhefoakï kskafoau
wjosjkakg fmr
isyskfhka  


කවිය ලියලා ගොඩක් කල් උනාට මේ දවස් වල නිතර හීන ලෝක ගැනම films   බලපු නිසා( blackswan , fight club පරණ එකක් )... මේ කවියෙන් ගැන ලියන්න ඕන කියලා හිතුනා .....හීන කියන්නේ අපේ වර්ථමාන ජීවිතේ arrears එක .... ඹය arrears  එක ගැන අපි නිතර වද වෙනවා. ඒ අතින් බැලුවම හීනයක් කියන්නේ හීනයක්ම නෙවෙයි. ඒකෙ ලොකු ඇත්තකුත් තියනවා ..... ගොඩක් වද වෙන ඔය හීනෙ හදා ගන්න අපිට එක රැයයි යන්නේ .... ඒත් අලුත් හීනයක් replace වෙනකම් අපි අර හීනෙ දිගටම දකිනවා ........ ඒ කියන්නේ අපි කවදාවත් හීන සැබෑ කරගන්නෙ නැහැ . හීන replace කරගන්නවා විතරයි ..... ඉතිං මේ චක්කරේ නැවතෙන්න තියන හොඳම විදිය තමයි හීනයකදීම මැරෙන එක .....
මේ අදහස ඔලුවට ආවේ හීන දකින එක වැඩක් නැහැ කියපු මගේ friendek එක්ක ඇති වූ වාදයක් නිසයි . මට හිතෙන්නේ manz  ඕනවටත් වැඩිය හීන දැකලා , මිනිහට හීන දැකිල්ල arrears නැහැ .... එහෙම කියලා arreas තියන අපි හීන දැකිල්ල නවත්තන්න හොද  නැහැනෙ.....  මොකද අර titan යෝධයගේ ගෑනි කරපු වැඩේ හින්දා අපිට ජීවත් වෙන්න ඉතුරු උනේ ඕක විකරයි නේ......
අන්තිමටම කියන්න තියෙන්නෙ හීනයක් නැති ජීව්තෙන් වැඩක් නැහැ කියන එක තමා........ අපේ ජීවිතේ missing part එක ගැන හීන මැවිල්‍‍ලෙන් තමයි මේ ජීවන වාහනේ ඉස්සරහට ගෙනියන්නේ .........



ආරමිභය ( opening my self )


blog එකක් ලියන්න ඕන කියලා හිතිලා ගොඩක් කල් .... ඒත් සිතුවිල්ල ක්‍රියාවට නගන්න හිතුනෙ මගේ අතිජාත මිත්‍රයා තමන් blog එකක් ආරම්භ කළා FB එකේ status update කරලා තියනවා දැක්කමයි ..... පොඩි කාලේ ඉඳලම මගේ හිත එක තැනක තිබ්බෙ නැහැ ( අපි හැමෝගෙම එහෙමන් ).... මට 6 වසර 7 වසරෙදි  software engineer කෙනෙක් වෙන්න ඕන උනා ...   ඊළඟට aeronautical engineer කෙනෙක් වෙන්න ඕන උනා.... ඊටත් පස්සේ මට air force officer කෙනෙක් වෙන්න ඕන උනා ..... මම A/L කළේ ඒ උණත් එක්ක ....... අන්තිමට කොහේවත් තිබ්බ Bachelor of design  කියන course එක කරන්න මාව තේරුනා ........ ( 3000ක් 4000ක්  ලියපු ඒ aptitude test එකෙන් ජීටිතේට චිත්‍ර නොකරපු මාව තේරුනු එක අදටත් මට පුදුමයක් .... )  ......... අහසට යන්නම try කරපු මට අන්ත්මට තදටම පොළවෙ පය ගහන්න වෙන තැනට වැඩ සිද්ධ වුනා . එකෙන් පස්සෙ හොරෙන් හොරෙන් රස්තියාදු ගහපු මගේ හිත නිල වශයෙන් රස්තියාදු ගහන්න( වඩාත් professional විදියට කියනවනම් අයාලේ  යන්න ) පටන් ගත්තා . මෙහෙම අයාලෙ යන හිතට හිතෙන දේ , හිත දකින දේ ලියන්න  මේ විදියට මම blog එකක් කරන්න හිතුවා . එහෙනම් මගේ හිත දිගටම කියවන්න කියලා ආරාධනා කරනවා .

දී.ජ.න
2011 මැයි මස 01 වැනිදා ඉරිදා