Sunday, May 1, 2011

ආරමිභය ( opening my self )


blog එකක් ලියන්න ඕන කියලා හිතිලා ගොඩක් කල් .... ඒත් සිතුවිල්ල ක්‍රියාවට නගන්න හිතුනෙ මගේ අතිජාත මිත්‍රයා තමන් blog එකක් ආරම්භ කළා FB එකේ status update කරලා තියනවා දැක්කමයි ..... පොඩි කාලේ ඉඳලම මගේ හිත එක තැනක තිබ්බෙ නැහැ ( අපි හැමෝගෙම එහෙමන් ).... මට 6 වසර 7 වසරෙදි  software engineer කෙනෙක් වෙන්න ඕන උනා ...   ඊළඟට aeronautical engineer කෙනෙක් වෙන්න ඕන උනා.... ඊටත් පස්සේ මට air force officer කෙනෙක් වෙන්න ඕන උනා ..... මම A/L කළේ ඒ උණත් එක්ක ....... අන්තිමට කොහේවත් තිබ්බ Bachelor of design  කියන course එක කරන්න මාව තේරුනා ........ ( 3000ක් 4000ක්  ලියපු ඒ aptitude test එකෙන් ජීටිතේට චිත්‍ර නොකරපු මාව තේරුනු එක අදටත් මට පුදුමයක් .... )  ......... අහසට යන්නම try කරපු මට අන්ත්මට තදටම පොළවෙ පය ගහන්න වෙන තැනට වැඩ සිද්ධ වුනා . එකෙන් පස්සෙ හොරෙන් හොරෙන් රස්තියාදු ගහපු මගේ හිත නිල වශයෙන් රස්තියාදු ගහන්න( වඩාත් professional විදියට කියනවනම් අයාලේ  යන්න ) පටන් ගත්තා . මෙහෙම අයාලෙ යන හිතට හිතෙන දේ , හිත දකින දේ ලියන්න  මේ විදියට මම blog එකක් කරන්න හිතුවා . එහෙනම් මගේ හිත දිගටම කියවන්න කියලා ආරාධනා කරනවා .

දී.ජ.න
2011 මැයි මස 01 වැනිදා ඉරිදා

3 comments:

  1. ‘මගේ හිත සහ ජීවිතේ‘ ට මගෙන් සුභ පැතුම්.....!!

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි !!!!

    ReplyDelete
  3. මාගේ අතිජාත මිතුරාණනි....ඔබට මගේ හද පිරි සුබ පැතුම්....ෆට්ටයි ආ....:D

    ReplyDelete