Friday, June 24, 2011

දයියාගේ මතක


අවුරුදු 2කට පසු campus එකෙන් හරිහමන් නිවාඩුවක් ලැබුනේ මේ පාරය .... නිදහසේ චූන් එකේ bus එකේ නුගේගොඩ සිට ගෙදරට එමින් සිටි මට  මහරගම ධර්මාශෝකය අසල bus halt එක පාසල් කාලයේ සුන්දරම මතකයක් අවදි කළේය  ..... ඒ දෛයියාගේ o/l  විද්‍යාය පංතියයි ... අදටත් එය මාගේ  ප්‍රියතම tuition පංතියයි ....ඇත්තම කීවොත් එය මා ඇතුලු වූ අංග සම්පූර්ණම පංතියයි .... ඒ
එහි මට සෑම ආකාරයේම යහලුවන් සිටි බැවිනි.... පොඩ්ඩක් ඇස් පුංචි කර කවුරුන් හෝ බැලුවොත් ....
මොකද ඩෝ බලන්නේ යැයි අසා ගුටි කෙලගන්නා වලිකාරයන්ගේ සිට ... Einstein  වැනි bright පොරවල්ද ... හෙනම සිරා ප්‍රේම වන්තයන්ද එහි විය....
තවද මා වඩාක්ම ප්‍රිය කළ කෙල්ලන් set එක සිටි යේද මේ පංතියේය .....විශේෂත්වය වන්නේ සතියේ දින මෙන් මේ කෙල්ලන් දහඩිය පෙරා ගෙන ‍කළු ගැසී මේ පංතියට නො එති ..... සති අන්ත පංත්යක් වූ මෙයට ඔවුන් වෙනමම පේ වී තිබෙන හොදම වස්තරය ඇග ලා පැමිණෙති .... එහෙයින් අජූවකින් තොරව ඔවුන් දෙස බලාගෙන සිටිය හැකිය......
මේ හැම දෙයකටම වඩා පංතිය අංග සම්පූර්ණ කරන ලද්දේ දෛයියා හෙවත් දයාන්නද සර් විසිනි .......දෛයියා  යනු අප විසින් ඔහුව ඇමතු ආදරණිය කෙටි නමයි .. මේ නමින් ඔහුව අමතන බව ඔහුද දනී..දෛයියා යනු කවරෙකුදැයි මහරගම , පන්නිපිටිය අවට o/l කරපු අයට අමුතුවෙන් හදුන්වා දිය යුතු නැත... දෛයියාගේ පංති යාම යනු ඔබ විසින් o/l කාලය තුළදී මග නොහැරිය යුතු අත් දැකීමකි... ඒ විවධාකාර අත්දැකීම් බර set එකක් හරහා මෙම පංතිය ඔබ රැගෙන යන නිසාය .......
බෝතල් ගුටිය
මානව හිමිකම් සහ සිසු අයිතිවාසිකම් රැකෙන ආකාරයට පහර දීමටද , බිත්තිය මුල්ලට වී shape වන අන්ඩයන් තමාගේ ආවරණ කලාපයට නතු කර ගැනීමටත් මහු විසින්ම නිර්මාණය කරන ලද ඇටවුමක් ඇත , එනම් පුංචි බබා කුඩයකට ගැසූ හිස් mega බෝතලයකි .... මේකෙන් ගුටි කෑවිට මෙලෝ යකෙකුට රිදෙන්නේ නැති වුවත් ගුටි කෑ වහා මහා ලැජ්ජා සහගත හැගීමක් ඇති වේ ...... ඒ නිසා දසම අන්ඩයන් හැරෙන්න බහුතරය මේ බෝතල් ගුටියට බයය .... ඇරත් මේකෙන් ගටි නොකෑ කෙනෙකු සෙවීම අපහසුය ........

උත්තර නැති MCQ
උගන්වන අතරේ side talks දෙන්නන්ට සහ මනෝ ගසන්නන්ට මේ ටොපිය කෑමට සිදු වේ .....එනම් උත්තරය නැති බහුවරණයකට මුහුණ දීමයි .....
යකඩ මලීන උනාම රෝස පාටද ? නිල් පාටද ? “
සජල chloride දුඹුරු පාටද ? දම් පාටද ?”
ඇපෙන් බේරෙන්න කනා පල්ලන් ගසන එවුන්ට බෝතල් ගුටියද , අම්බානක chater ද කෑමට සිදු වේ ...... දිනක් සර් උත්ස්වේදනය උගන්නන අස්සේ කෙල්ලෙක් බිත්තිය කෙළවරට වී බර කථාවකය .......
ඒඃ ජල්බරි කෙල්ලේ ......  කියන‍වා බලන්න දැන් මං කිය කියා හිටියේ galle face තියේනනේ ගාල්ලෙද ? මාතරද ? “
අන්ද මන්ද වී ගිය කෙල්ල ලැජ්ජාවෙන් ඇඹරී
මාතර යැයි කෙදිරි ගැවාය .......
ආදරේට ලකුණූ දැමීම  
පංතිය පටන් ගනිද්දී දෙන ප්‍රශ්න 10 යේ හරි වැරදි බලන්නට දෙන්නේ එහා පැත්තේ පොලිමේ සිටින කෙල්ලන්ටය... අපිට බලන්නට ලැබෙනනේ උනගේ පොත්ය ..... මෙය එහෙන් මෙහෙන් ඉගි පෑමටද  hint පාස් කිරීමටද නියම වේලාවකි ..... හරි වැරදි බලන පොත කාගේදැයි හරි ආකාරව දැන ගැනීම ඉතා වැදගත්ය .... තමන්ට අවශ්‍ය පොත ළගට ගෙන්වා ගැනීමේ පොඩි පොඩි game මේ අස්සේ දිග හැරේ ...... මෙහිදී try කරන නම් ප්‍රසිද්ධ කළ එවුන්ට වාසි සහගතය ........
ඒ මචං උඹ ඔය බලන පොත මට දීපංකෝ ..........
එවිට .....
නොදකින් උලමා .... තෝ විතරක් නෙවෙයි යකෝ මාත් ඒ කෙල්ලට කැමතියි යැයි සිතින් සිතා මුව්න් සිනා සී හූල්ල හූල්ලා ඔහුට පොත දන් දීමට සිදු වන්නේය ........
කෙලෙස හෝ බාධාවකින් තොරව ළග රැදෙන හිත ගිය පොතකට අත දිග ඇර ලකුණු දමා පිටු භාගයකට අත්සන දැමීම මගේ මෙන්ම කාගෙත් පුරුද්දකි......

Farewell පාටිය ....
මෙය o/l පංතියක කොයි ලෙසකින් වත් බලාපොරොත්තු විය නොහැකි farewell පාටියකි ......
-          පංතියම කළු කොල අලවා dark කරයි
-          සද්දෙට හොදට සිංදු දමයි
-          විභාගේ  ලබන අවුරුද්දේ මෙන් නටයි
-          අවසානයේ සර්ද සුරංගනීට මාළු ගෙනාවාගීතය ගයා නටයි .......
අවශ්‍ය නම් මම කලා මෙන් , ආ‍යේ දැක බලා ගැනීමට අඩු සම්භාවිතාවක් ඇති පහු ගිය වසර 2 පුරාවටම බලාගෙන උන් කෙල්ලට විශේෂයෙන් සුභ පතා විශේෂයෙන් සමු දිය හැකිය.....

මේ පංතියදී අප අත් විදි සතුට විස්තර කිරීම අපහසුය, බහුතරයට ඔහු විසින් දැමූ නම් ඇත. පාසලේ කාලයක් රිය නියාමකයෙක් වූ මා හදුන්වන ලද්දේ trafficca ලෙසය ....... මේ සතුට අස්සේ tactical විදියට විද්‍යාවේ logic අපගේ ඔලුවට දැමීමට දයියා සමත් විය ..... theory කට පාඩම් කිරීම හෝ එක එක ජාතියේ ගණන් හැදීම වෙනුවට ඔහු theoryය තෙරුම් ගන්නට සැලැස්සූවේය ..... තවද පංතියේ කෙතරම් ප්‍රේම වෘතාන්ත දිග හැරුනද කෙල්ලන් සහ කොල්ලන් අතර ඉගනීමට හොද තරගයක් විය.... a/l පංතියක මීට යන්තම් සමාන අත්දැකීම් ලැබුවද මට ඒවා මේ තරම් ආතල් නැත ......

මෙලෙස සර්ව මතක් වී බහිද්දී bus halt එකක් පහු වී හමාරය ....... පොඩි පොඩි කථා මතක් කරම්න් ඒ දුර ඇවිද ගිය මම සර්ගේ ගෙදරට ගියෙම් ......
කව්ද මේ ...............?”
අදුන ගන්න පුලුවන්ද සර්ට ?”
ජල්බරියා මේ traffic නේද ? මොකද මිනිහෝ මේ රැවුල කොණ්ඩ වවාගෙන ?.”

සර්ට තාමත් අපිව මතකය..................
prevention is better than cure

Wednesday, June 22, 2011

දෝතලුගලට පයින්ම

Blog එක කාලෙකින් ලියන්න බැරි උනේ වැඩක් කියලා දෙයක් මහ ලොකුවට නොතිබ්බට පොඩි පොඩි වැඩ ගොඩකින් හිර වෙලා හිටිය නිසයි . ‍යන්තම් නිදහසක් හම්බවෙච්ච ගමන් blog එක ලියනවට වඩා දෙයක් කරන්න ඕන නිසා අපි කට්ටිය set වෙලා කොහේ හරි යන්න හිතුවා ..... මේ හිතුවා මේ ගියා ගමන් වලට දැන් හොදට අනුවර්ථනය වෙලා තියන නිසා .. එ‍වෙලෙම සිතියමක් අරං බලලා අම්පාර දිගාමඩුල්ල ගොව්දු හෙල පැත්තේ යන්න තීරණය කලා ... එහෙම හිතා ‍ගෙන කන්න ගොඩට යද්දී nature team එකේ සුපුන් අයියා හම්බ උනා ... සුපුන් අයියලා කොයි වෙලෙත් රට වටේ ඇවිදින අය ... trip එකක් ගැන උපදෙසක් ගන්න නියම කෙනේක් .. නිකමට වගේ ඇහුවම එයා තමයි deanston ගැන කිව්වේ...... දැන් ඒ පාර යන්නනේ deanston ලු ...... එවෙලෙ එවෙලෙ හම්බ උන අය 6ක් set කරගත්තා ගමනට ..... camp එකේ ඉන්න පුලුවන් 6කට විතරයි .....

බත්තරමුල්ලේ වන සංරක්ෂනේට යද්දී වාසනාවකට වගේ deanston camping bed එක 18 වෙනිදට කවුරුත් book කරලා නැහැ ... ඒකත් book කරලා ඕන කරන බඩුත් එහෙම අරගෙන 17 වෙනිදා රෑ 11.30 ට කොටුවෙන් තිබ්බ අම්පාර bus එකේ අපි 6 දෙනා ගමනට පිටත් උනා ........

පාන්දර 3.30 වෙද්දී අපිට හුනස්ගිරියෙන් බැහැ ගන්න  පුලුවන් උනා .. දැන් ඉතිං 7ට පිටත් වෙන ලුල්වත්ත bus එක එන තෙක් හීතලේම රජ කට්ටක් කෑමට නියමිතව ඇත .....ටික වේලාවක් හංදීයේ චාටර් උනු අපි නිකම‍ට මෙන් ළග හිටිය අයියා කෙනෙකු සමග කථාට වැටුනි .......

අයියේ ලුල්වත්ත bus එක මෙහෙන් කීයටද යන්නේ
ආඃ ඒක යනනේ මල්ලී  හවස 2ට .......  හවස 2ට  යන්නට ඇති bus එක ගැන පාන්දර දොට්ට පිලට යන්නටත් කලින් විත් විමසන මේ පිස්සො ටික කව්ද වැනි බැල්මක් හෙලමින් dial එත කීවේය ....
Chocolate දැවටු ටොපියක් කෑමට නියමිත බව අපට ඉවෙන් මෙන් වැටහුනි ....
අයියේ පයින් ‍යනවනම් කොච්චර විතර දුරද
අනේ ගොනෝ පයින් ගියත් bus එකේ ගියත් එකම දුරනේ වැනි කොචොක් හිනාවක් දමමින් අපේ අයියා ඉතා ආදරණීය ලෙස
14km විතර තියනවා මල්ලී  යැයි කීවේය ........
ඒඃ පයින් යමුද ......  ‍14kmත් අපිට ගේමක්ද ‍ඩෝ වැනි බැලිමක් අයියාට දමා ගෙන මම කටිටියගෙන් ඇහුවා
මල්ලී පයිනස් කැලේ සර්පයෝ ඉන්නවා .....
අපි ගාව torch තියනවනේ එවර මොයිලා පොර talk එකක් දැම්මේය .....
මල්ලී කුලු හරක් ඉන්නවා  පයිනස් කැලේට පස්සේ   torch එකෙන් අහවල් කෙන් ගෙඩියක් කොරන්නද ඕයි මෙන් අයියා ඇසුවේය .....
මුලු කෑගලු කෝරලය පුරාම කරක් ගසා ඇති පයිතෙකු මෙන් මෙවර විකුම් හෙවත් වංගුවා යමුද යැයි හිසෙන් කීවේය ...
මල්ලී කන්දෙන් එහා කොටියා ඉන්නවා ..... අයියා එවර තුරුම්පු ආසියා ගැසුවේය .......
කටිටිය කට පියා ගත්තේය .....
තව ටික වේලාවක් මෙතන හිටි‍යොත් මුලු kongo  වනාන්තරයම  හුනස්ගිරියට විත් kongo හී සංචාරක ව්‍යාපාරයට මරු පහරක් එල්ල විය හැකි බව තේරුමි ගත් අප එ‍තනින් විස්ථාපනය උනා .......
යන්න මොහොතකට පෙර ආදරණිය අයියා ස්වකීය පරම අධ්ෂ්ඨානය හෙලි කළේය......
මල්ලි මගේ wheel එක තියනවා  ..... 700ට ගිහිං දාන්නම්

ඔහුගේ ඥාතී සනුහරයටම සිතින් ආශිර්වාද කල අපි කෝකටත් කොටියා ගැන සිතා යන්තම් එළිය වැටුනු පසු ගමන පටන් ගත්තේය ( අයියගේ කථාව ඇත්ත බව පසුව දැනගත්තෙමු )......... පටන් ගත් නැකත ඉතා සුභය.... යනකමි එනතම් 62km ආසන්න දුරක් ඇවිදෙමු ... වට පිටාවේ විස්තර කල නොහැකි ලස්සනත් ... අතරමග සිදු වු ආතල් නිසාත් ගමන වෙසෙකර නොවීය... දුටු සුන්දරත්වය විස්තර කීරීමට උත්සාහ දැරීම අමන උත්සාහයකි ... එහෙයින් මගේ ආරාධනය එය සියැසින් විදගන්නා ලෙසටයි ; හැබැයි මෙය රොතු පිටින් ගොස් විනෝද විය හැකි තැනැක් නොව ,ඉතා සුලු පිරිසකට ගොස් පරිසරයේ magic බලා ගත හැකි තැනකි  .......... කෙලෙස වුවත්  අර කියමන සිහි තබාගෙත යුතුය ..... “ leave only foot prints , take only photographs “

එහෙම අපි අරගත්ත photos ටිකක් මේ ..............









අපේ නඩේ


Saturday, June 11, 2011

කැඩපත ( THE MIRROR )

තේජස්ව
ගාම්භීරව
විරාජව
පරිණතව හිනැහුණෙමි.......
අඳබාල නිවටයෙකු විරිත්තුවා
ඇතුළෙ සිට.