Blog එක කාලෙකින් ලියන්න බැරි උනේ වැඩක් කියලා දෙයක් මහ ලොකුවට නොතිබ්බට පොඩි පොඩි වැඩ ගොඩකින් හිර වෙලා හිටිය නිසයි . යන්තම් නිදහසක් හම්බවෙච්ච ගමන් blog එක ලියනවට වඩා දෙයක් කරන්න ඕන නිසා අපි කට්ටිය set වෙලා කොහේ හරි යන්න හිතුවා ..... මේ හිතුවා මේ ගියා ගමන් වලට දැන් හොදට අනුවර්ථනය වෙලා තියන නිසා .. එවෙලෙම සිතියමක් අරං බලලා අම්පාර දිගාමඩුල්ල ගොව්දු හෙල පැත්තේ යන්න තීරණය කලා ... එහෙම හිතා ගෙන කන්න ගොඩට යද්දී nature team එකේ සුපුන් අයියා හම්බ උනා ... සුපුන් අයියලා කොයි වෙලෙත් රට වටේ ඇවිදින අය ... trip එකක් ගැන උපදෙසක් ගන්න නියම කෙනේක් .. නිකමට වගේ ඇහුවම එයා තමයි deanston ගැන කිව්වේ...... දැන් ඒ පාර යන්නනේ deanston ලු ...... එවෙලෙ එවෙලෙ හම්බ උන අය 6ක් set කරගත්තා ගමනට ..... camp එකේ ඉන්න පුලුවන් 6කට විතරයි .....
බත්තරමුල්ලේ වන සංරක්ෂනේට යද්දී වාසනාවකට වගේ deanston camping bed එක 18 වෙනිදට කවුරුත් book කරලා නැහැ ... ඒකත් book කරලා ඕන කරන බඩුත් එහෙම අරගෙන 17 වෙනිදා රෑ 11.30 ට කොටුවෙන් තිබ්බ අම්පාර bus එකේ අපි 6 දෙනා ගමනට පිටත් උනා ........
පාන්දර 3.30 වෙද්දී අපිට හුනස්ගිරියෙන් බැහැ ගන්න පුලුවන් උනා .. දැන් ඉතිං 7ට පිටත් වෙන ලුල්වත්ත bus එක එන තෙක් හීතලේම රජ කට්ටක් කෑමට නියමිතව ඇත .....ටික වේලාවක් හංදීයේ චාටර් උනු අපි නිකමට මෙන් ළග හිටිය අයියා කෙනෙකු සමග කථාට වැටුනි .......
“අයියේ ලුල්වත්ත bus එක මෙහෙන් කීයටද යන්නේ”
“ආඃ ඒක යනනේ මල්ලී හවස 2ට .......” හවස 2ට යන්නට ඇති bus එක ගැන පාන්දර දොට්ට පිලට යන්නටත් කලින් විත් විමසන මේ පිස්සො ටික කව්ද වැනි බැල්මක් හෙලමින් dial එත කීවේය ....
Chocolate දැවටු ටොපියක් කෑමට නියමිත බව අපට ඉවෙන් මෙන් වැටහුනි ....
“අයියේ පයින් යනවනම් කොච්චර විතර දුරද”
අනේ ගොනෝ පයින් ගියත් bus එකේ ගියත් එකම දුරනේ වැනි කොචොක් හිනාවක් දමමින් අපේ අයියා ඉතා ආදරණීය ලෙස
“14km විතර තියනවා මල්ලී යැයි කීවේය ........”
“ඒඃ පයින් යමුද ......” 14kmත් අපිට ගේමක්ද ඩෝ වැනි බැලිමක් අයියාට දමා ගෙන මම කටිටියගෙන් ඇහුවා
“මල්ලී පයිනස් කැලේ සර්පයෝ ඉන්නවා .....”
“අපි ගාව torch තියනවනේ” එවර මොයිලා පොර talk එකක් දැම්මේය .....
“මල්ලී කුලු හරක් ඉන්නවා පයිනස් කැලේට පස්සේ” torch එකෙන් අහවල් කෙන් ගෙඩියක් කොරන්නද ඕයි මෙන් අයියා ඇසුවේය .....
මුලු කෑගලු කෝරලය පුරාම කරක් ගසා ඇති පයිතෙකු මෙන් මෙවර විකුම් හෙවත් වංගුවා යමුද යැයි හිසෙන් කීවේය ...
“මල්ලී කන්දෙන් එහා කොටියා ඉන්නවා .....” අයියා එවර තුරුම්පු ආසියා ගැසුවේය .......
කටිටිය කට පියා ගත්තේය .....
තව ටික වේලාවක් මෙතන හිටියොත් මුලු kongo වනාන්තරයම හුනස්ගිරියට විත් kongo හී සංචාරක ව්‍යාපාරයට මරු පහරක් එල්ල විය හැකි බව තේරුමි ගත් අප එතනින් විස්ථාපනය උනා .......
යන්න මොහොතකට පෙර ආදරණිය අයියා ස්වකීය පරම අධ්ෂ්ඨානය හෙලි කළේය......
“මල්ලි මගේ wheel එක තියනවා ..... 700ට ගිහිං දාන්නම්”
ඔහුගේ ඥාතී සනුහරයටම සිතින් ආශිර්වාද කල අපි කෝකටත් කොටියා ගැන සිතා යන්තම් එළිය වැටුනු පසු ගමන පටන් ගත්තේය ( අයියගේ කථාව ඇත්ත බව පසුව දැනගත්තෙමු )......... පටන් ගත් නැකත ඉතා සුභය.... යනකමි එනතම් 62km ආසන්න දුරක් ඇවිදෙමු ... වට පිටාවේ විස්තර කල නොහැකි ලස්සනත් ... අතරමග සිදු වු ආතල් නිසාත් ගමන වෙසෙකර නොවීය... දුටු සුන්දරත්වය විස්තර කීරීමට උත්සාහ දැරීම අමන උත්සාහයකි ... එහෙයින් මගේ ආරාධනය එය සියැසින් විදගන්නා ලෙසටයි ; හැබැයි මෙය රොතු පිටින් ගොස් විනෝද විය හැකි තැනැක් නොව ,ඉතා සුලු පිරිසකට ගොස් පරිසරයේ magic බලා ගත හැකි තැනකි .......... කෙලෙස වුවත් අර කියමන සිහි තබාගෙත යුතුය ..... “ leave only foot prints , take only photographs “
එහෙම අපි අරගත්ත photos ටිකක් මේ ..............
අපේ නඩේ |
ත්‍රී වීල් අයියල නම් ඉතිං ඔහොමම තමයි.....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඑල එල
ReplyDeleteඑල මචෝ.....:D
ReplyDelete