මේ post එක ලියන්නට හිතුනේ linking park band එකේ waiting for the end කියන සිංදුව ආයේ ආයෙත් ඇහුවට පස්සෙයි .... මම ඉංග්රීසි සිංදුවක් අහද්දි සාමාන්යෙයෙන් කරන්නේ ඒකට මගේ උපරිමෙන් සිංහල පරිවර්ථනයක් දෙන එකයි ( නියම පද රචනය නොබලා එක පාරක් දෙපාරක් අහල කරන මේ පරිවර්ථන බොහෝ විට සිංදුවෙ ඇත්ත අර්ථයට ඉඳුරාම වෙනස්. ඒත් බොහෝ විට මම මගේ වැරදි පද මාලාවට original එකට වඩා ආසා කරනවා ) ... එහෙම කරලා අනෙක් ඕන සිංදුවක් අහද්දි කරනවා වගේම අහල තියන කථාවක් එක්ක ඒක ගලප ගන්නවා. මේ මගේ සිංහල waiting for the end සිංදුවයි ...........
අවසානය තෙක් ......
මෙය අවසන නොව
ආරම්භයද නොවන්නේය.....
මෙය හුදෙක් ඝෝෂාවක් පමණි ....
හොඳින් සවන් යොමන්න
මේ තුළ යම් හිස් බවක් ඇත ....
වේදනාවේ සහ බියෙහි අනුකම්පාවෙන් හිස් දෑත මිටි මොලවා
ඔහේ අහස පුරාවට සරන්නෙමි ..........
අවසානය එනතෙක් මම බලා ඉන්නෙමි ....
වාවා ගන්නට තරම් හයියක් මට නොමැත......
මේ මම කිසිත් නොසිතූ දෙයකි ........
සියල්ල මාගේ අත දිග මානයෙන් ඉවතට ගොසින්ය.....
හිස් බව තුළ සිතුවිළි කැලතෙද්දී පවා මට සිතෙන්නේ
මෙය මා කොයි ලෙසකවත් නොසිතූ අවසානයක් බවයි....
කෑලි කැඩී විසිරුළණු සියල්ල එක් කොට
මා කෙලෙස ආරම්භ කරන්නද නැවතත්
අවසානයක ඇති වේදනාව අවසානය නොව
නැවත ඇරභිමයි .......
මේ සිංදුව post එකක ලියන්නට තරමි වීශේෂ උනේ ...... ඒකට මට මගේ a/L යාළුවෙක්ව මතක් කරන්න පුළුවන් වෙච්ච හින්දයි .එහෙමත් නැත්නම් මම අවස්ථා සම්බන්ධය හදා ගත්තේ ඒ යාළුවගේ කථාවත් එක්ක ග මම යාළුවගේ නම නොකියා ඉන්නමි . a/L කට උඩ තියාගෙන මිනිහා ආදරයක් හින්දා නැතිම වෙලා ගියා (a/l කාලේ මේ යාළුවා කවිද කියලා මගේ ඉස්කෝලේ යාළුවො දන්නවා ඇති ) ...... මේ සිංදුවෙ තියන එක පද පේළියක් මිනිහා මාත් එක්ක ඒ විදියටම කිව්වා ... එයාගෙම වචන වලින් කියනවනමි.....
“ ඒකි කරපු වැඩේ හින්දා මේක ඉවර උන එක ගැන දුකක් නැහැ
මට එච්චර upset එකකුත් නැහැ බං
ඒත් අවුල මම මුල ඉඳලා පටං ගන්න එපැයි බං “
The hardest part of ending Is starting again!!
ඌට තිබුනේ ආයේ පටන් ගන්න වෙච්චි එක ගැන අවුලක්...... මට මේ සිංදුවෙත් ඇහෙන්නෙත් එහෙම දෙයක් .... හරියටම නට්ටටම අවුල් වෙච්ච කාමරයක් කොහෙන් අස් කරන්න පටන් ගන්නද කියලා , කාමරේ මැද්දේ පුටුවක් තියාගෙන ඔහේ කල්පනා කරං බලං ඉන්න කොල්ලෙක් වගේ .............
ඇත්තටම හිතලා බැලුවොත් අපි ඉවර වෙනවට නෙවෙයි බය ආයේ පටං ගන්න වෙන එකටයි ............
http://www.youtube.com/watch?v=XhzDiNiPS2M සිංදුවෙ link එක ............
Superb!!! Awsome song with a awsome interpretation!!! goody good one!!!
ReplyDeletethere's always a start to evry ending!!!
well, there are 3 options, to clean up a messy room , i guess...
1) run away from that mess and start a new begging.. but, this is not a good option, coz as long as the old room is not cleaned up it haunts ... no peace at all...
"stop and stare - one republic"
http://www.youtube.com/watch?v=LuEk3d-R9ds&feature=related
2) "time heals all wounds"... he can let it be as it is for few days... and start to clean, on his own...
"Make It Through The Rain - Mariah Carey"
http://www.youtube.com/watch?v=N8KsWiLPdCs
3) or he can get help from a trustworthy Volunteer who wants to clean it so badly...(someone like Mr.big in this link who wants to clean the mess of this girl)
"To Be With You by MR.BIG"
http://www.youtube.com/watch?v=65t2vbVgRI8