“මහත්තයාගේ නම මොකද්ද?” සුදු ජාතික පිළි ගැනීමේ නිලධාරිනිය ඇසුවාය.
“නානයක්කාර රාජවාසල අප්පුහාමිලාගේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන”
බොහෝ වේලාවක් ගෙන ඔහුගේ ඉතා දිග නම ලියා දැමු පිළි ගැනීමේ නිලධාරිනිය ඔහුගෙන් නැවතත් ප්‍රශ්නයක් ඇසුවාය.
“මහත්තයා කොයි තරම් කාලයක් හෝටලේ ඉන්නවද?”
“ඒක හරියටම කියන්න බැහැ..........”
“සමහර විට අවුරුද්දක් ... දෙකක් ... නැත්තන් ඊට වැඩියෙනුත් පුළුවන්”
“බඩු මෙච්චරයිද තියෙන්නේ?”
ආගන්තුක ආගන්තුකයා වෙත විශ්මය පිරි බැල්මක් හෙළූ ඇය නැවත ඇසුවාය.
“ඔව්. තව මොනවා තියෙන්නද?”
“ඔබතුමාව රැජින හෝටලයට සාදරයෙන් පිළිගන්නවා. කරුණාකරලා මෙන්න මෙතනින් අත්සන් කරලා දිනය යොදන්න.”
තමාගේ ඉතා දිග අත්සන අලසව ගසා දැමූ ඔහු 1941 පෙබරවාරි 03 වෙනිදා ලෙස දිනය යෙදුවේය.
* * * * *
එතකොට අංකල් මුදලිතුමා කළුතර කෙනෙක් නෙවෙයිද? මම විමසුවෙමි.
නෑ පුතා. මුදලිතුමා ගාල්ලේ උපන් කෙනෙක්. පොඩි කාලෙම එංගලන්තේ ගිහින් ඉගන ගත්ත නිසාම තමයි කළුතර පඩිකාර මුදලි කෙනෙක් විදියට පත්වුනේ. ඒ වෙද්දි ලංකාවේ හිටියේ පඩිකාර මුදලිවරු දෙන්නයි. එතුමාගෙ යටතේ ලස්කිරිඤ්ඤ කුලී හේවායෝ හතළිහක් හිටියා. මේ තියෙන්නේ ඒ පින්තූරේ. මන්දිරයේ ඉහළ මාලයේ බිත්තියක ගසා තිබූ පින්තූරයක් පෙන්වමින් ඔහු කීවේය.
එතකොට මුදලිතුමාගේ බිරිඳ?
මගේ කුතුහලය රැඳී තිබුනේ මන්දිරය ගැනවත් මුදලිගේ වත්කම් ගැනවත් නොව ඔහුගේ සහ බිරිඳගේ කතාව පිළිබඳවය.
* * * * *
“මං පාතයෙක් වෙන්න පුළුවන්............ ඒත් මං උගත් බොලව්. සුදු අස්වයෝ හතරක් බැඳපු කරත්තයක් තියෙන්නේ මටත් සේනානයක මුදලිතුමාටත් විතරයි. ඒ වෙලත් ඇයි තේක්ක බංගලාවේ මහත්තයා ක්ලැරිස්ව මට දෙන්න විරුද්ධ?”
උඩරැටියන් සතු යටපත් නොවන මාන්නය පිළිබඳව ද එදින රාත්‍රියේ තේක්ක බංගලාවේදී සිදුවූ අවමානය පිළිබඳව ද පුපුරා යන කේන්තියෙන් යුතුව ඔහු සිය නිවසේ ඉහළ පහළ ඇවිද්දේය. පෙර දිනක නැටුමේදී දුටු ක්ලැරිස්ව කෙසේ අමතක කරන්නද ......
“මගේ කළුතර පාලතොට ඇති අක්කර හතළිස් දෙකේ වත්තම සූරිය බණඩාරගේ තේක්ක වත්තට වඩා ලොකුයි………………………..
* * * * *
……..මුදලිතුමාට තව අක්කර අසූ දෙකක ඉඩමක් ගාල්ලෙත් , අක්කර එක් දෙසිය ගණනක තේ ඉඩමක් නුවරඑළියෙත් තිබ්බා.”
“මහත්තයෝ.. මේක වලව්වක්වත් බංගලාවක්වත් නෙවෙයි. මොකද මේකේ උළු වහල පේන්නැති වෙන්න වටේ බිත්ති උස්සලා තියෙන්නේ. එහෙම ඒවාට තියන්නේ මන්දිර කියලා.”
* * * * *
“මං මගේ අළුතින් හදන ගෙදර ඔබතුමාගේ මන්දිරයේ ආකෘතියට හදන්න කල්පනා කරන් ඉන්නේ.”
සිරිවර්ධන මුදලි අභිමානයෙන් යුතුව තම ඉන්දීය මිතුරා වන මහරාජාට කීවේය. සැබවින්ම ඒ වාක්‍යය තුළ වූයේ අභිමානයක් නොව අභිමානය පිළිබඳ ගැටළුවකි. එලෙස සාදන මන්දිරය ඉතා උස් එකක් විය යුතුය. එය තමන් හා ක්ලැරිස් අතර බැඳි උඩරට මාන්නයට වඩා උස් විය යුතුය.
එහෙත් එකී උස්වූ සිහිනයට මහරාජා අකුල් හෙලාවි යැයි ඔහු සිහිනයකින් වත් නොසිතුවේය.
* * * * *
“අපෝ දක්ෂයි කියන ලංකාවේ මිනිස්සුන්ට මේක හදන්න සැලසුම් ඕනලුද කියලා, මහාරාජා මුදලිතුමාට සැලැස්ම දීලා නැහැ. ඒ පාර මුදලිතුමා මෙහේ හිටිය දක්ෂ මේසන් බාස්ලා දෙන්නෙක්වයි වඩු බාස් කෙනෙක්වයි ඉන්දියාවට අරන් ගිහින් මහාරාජාගේ ගෙදර පෙන්නලා ඔවුන් ලවා ඊට සමාන ගෙයක් හදවලා තියෙනවා.” හැදුවේ තමා වැනි ආඩම්බරයකින් යුතුව විස්තර කරන්නා කියා සිටියේය.
“හැදුවට පස්සේ තේක්ක බංගලාවෙන් දූ දෙන්න කැමති උනාද?” මම කතාව නැවතත් මට අවශ්‍ය දිශාවට හැරෙව්වෙමි.
* * * * *
මංගල දින රාත්‍රියේ ඔහු ක්ලැරිස්ව කැටුව මන්දිරයේ සදළුතලයට ගියේය . අහස පුරාවට ගිණිකෙළි පිපිරෙද්දී ඔහු ඇයව ආදරයෙන් තුරුලට ගත්තේය ..... මෙය ආදරයක ජයග්‍රහනයක් පමණක්නොව .... මහා තරගයක විජයග්‍රහනය වෙනුවෙන් ලද කුසලානයකි ... දෙන්නට බැහැ කියු මන්දිර සැලැස්මේ සදළුතලයට වී , පාතයාට දෙන්නට බැහැ යැයි කියු දියණිය තුරුළු කරගෙන ඔහු අද දින ජය පැන් බොන්නේය ......
එහෙත් තවමත් ජයග්‍රහණය ඔහු සතු නොවීය ...... ඔහු තවමත් ඔහුගේ සිහිනයට පියවරක් පිටුපසිනි ....
“ක්ලැරිස් නෝනා අර බලන්න අර පේන පුංචි දරුවන්ගේ පිළිම 7 දිහා ... මට අන්න ඒ වගේ පිරිමි දරුවො .........”
ඔහු ඉතා ආදරයේන ක්ලැරිස්ගේ කනට මිමිණුවේය .....
* * * * *
1907 දී බැදපු යුවල ඉතා සතුටින් හිටියා මහත්තයෝ 1941 අවුරුද්ද වෙනකම්
එතකොට අංකල් මුදලි තුමා පහත රට වෙච්ච එක ප්‍රශ්නයක් වෙලා එහෙම නැද්ද
“නැහැ පුතා එතුමා බොහෝම උගත් කෙනෙක්නේ.....”
සැබැවින්ම ඔහු මේ සියල්ල විස්තර කරන ලද්දේ යන්නතම් කුඩා කලදී තමා දුටු මුදලිගේ ඡායාවට ඉමහත්ව ගරු කරන්නනෙකු ලෙසය ..... මුදලිව හෑල්ලුවට ලක් කරනා එකදු වචනයක් ඔහුගේ මුවින් පිට නොවීය ........
* * * * *
“මට නිදහසේ ඉන්න දීපල්ලා”
ක්ලැරිස් ගැන කෝපයක් ඇති වන සෑම විටම ඔහු කළේ සදළුතලයට විත් උද්‍යානයේ ඇති කුඩා දරුවන්ගේ ප්‍රතිමා දෙස බැලීමයි ..... වසර 20කට ආසන්න විවාහයෙන් වැඩි හරියක් ගෙවී ගියේ ඇය හා දබර වන්නටය .... දබර වන සෑම විටම තමාට ඇය වෙතත් ඇයට තමා වෙතත් කියන්නට ඕනැතරම් දෙවල්ය .....
“බලන්න අර පේන පුංචි දරුවන්ගේ පිළිම 7 දිහා ... මට අන්න ඒ වගේ පිරිමි දරුවො .........” ඔහු උන්මන්තකයෙතු මෙන් තමාටම කියා ගත්තේය .....
ඒ පිළිම වල වූ බැල්ම ඔහුට වේදනාවක් ගෙන දුන්නේය .............
ඒ පිළිම වල වූ බැල්ම ඔහුට වේදනාවක් ගෙන දුන්නේය .............
“මට අන්න ඒ වගේ පිරිමි දරුවො ......... “
* * * * *
“මුදලිතුමා 1941 අවුරුද්දේ නෝනව කන්‍යාරාමයක නවත්වනවා ... ඒ කරලා මහත්තයා යනවා queens හෝටලයේ නවතින්න ....”
“එතකොට මේ වත්කම් ?”
“ඒ සේරම අනාථ පිරිමි දරුවන් නඩත්තුව සදහා එතුමා වෙන් කරා...... අදටත් මේ ඉන්න අනාථ දරුවන් යැපෙන්නේ ඒ මුදලින් “.... උද්‍යානය පුරා දුවන පොඩි උන් පෙන්වා ඔහු කීවේය .....
* * * * *
1941 වර්ෂයේ ආගන්තුකයෙකු ලෙස පැමිණ වසර 6ක් පුරාවට උදෑසන තමාට සුභ පතා සුවදුක් විමසා චතුරව ඉංග්‍රීසි හැසිරවූ මේ හිතවත් ස්වදේශීකයාගේ මරණය ඇයට යම් වේදනාවක් ගෙන දුන්නේය ....මේ වසර 6 පුරාවටම ඔහුගේ මුහුණේ සිනහවක් රුදි දිනයක් ඇයට මතක නැත .....එහෙත් ඔහු හෝටල් ලොබිය පුරා ඇවිදින ළම්න් දෙස මහත් ආශාවෙන් බලැසිටිනු ඇයට මතකය ...
එහෙත් ඇයට ආගන්තුක නොවන ආගන්තුකයා ගැන සිත සිතා සිටීමට කල් නැත .... සුසුමක් හෙලා ඔහු ගැන මතකය අමතක කර දැමු ඇය නැවතත් සිය රාජතාරියට පිවිසියාය ......
“මහත්තයාගේ නම මොකද්ද?” ..........
“මහත්තයාගේ නම මොකද්ද?” ..........
* * * * *
“ඩයල් එකට මාර සල්ලි නේ .......... ?” මම ගමන ගිය ගගන් ගෙන් විමසීමි
“සිරාවට .... ඇඩෙනවා නේ ..........” ගගන්ගේ සුපුරුදු වාක්‍යය ඔහු කීවේය
එහෙත් ඔහු ආදරයෙන් අන්ත හිගන්නෙකි ........ මම මටම කියා ගතිමි ......
* * * * *
හදිස්සියේ සිතී කළුතර richdmon castle යාමෙන් පසු ලියන්නට සිතුනෙමි
උඹ දැනට ලියපු හොඳම පෝස්ට් එක.....මැක්සා මචං....ඇත්තටම ඇඬෙනවා......
ReplyDeleteඇත්තටම කියවපු පෝස්ට් වලින් හොඳම එක. කාථාව ගලගෙන යන නිදහස් ශෛලියට කියව ගෙන යන්න ආස හිතෙනවා.
ReplyDeleteඔන්න හැබැයි කොහොම හරි දිනා ගත්තු මුදලි තුමගේ ආදරේ ගැනනම් මට ප්‍රශ්නයක් තියනවා හොඳේ!
"කොහොම හරි දිනාගන්න" ඕන එකක කොහොමත් ප්‍රශ්න තියනවා ..... ඒකේ ආයි 2ක් නැහැ........
ReplyDeletekathawa aththa.. mw kathawath ekka yana thawa katawak thiyanawa. habai eke hari waradda nam man danne na. eken klaris naraka kenek kiyala kiyana nisa kawruth eli karanne na. kohoma unath kathawata duka hithenawa.
ReplyDeletemenna photos..
http://serendib.btoptions.lk/article.php?artid=213