අවුරුදු 2කට පසු campus එකෙන් හරිහමන් නිවාඩුවක් ලැබුනේ මේ පාරය .... නිදහසේ චූන් එකේ bus එකේ නුගේගොඩ සිට ගෙදරට එමින් සිටි මට මහරගම ධර්මාශෝකය අසල bus halt එක පාසල් කාලයේ සුන්දරම මතකයක් අවදි කළේය ..... ඒ දෛයියාගේ o/l විද්‍යාය පංතියයි ... අදටත් එය මාගේ ප්‍රියතම tuition පංතියයි ....ඇත්තම කීවොත් එය මා ඇතුලු වූ අංග සම්පූර්ණම පංතියයි .... ඒ
එහි මට සෑම ආකාරයේම යහලුවන් සිටි බැවිනි.... පොඩ්ඩක් ඇස් පුංචි කර කවුරුන් හෝ බැලුවොත් ....
“මොකද ඩෝ බලන්නේ “ යැයි අසා ගුටි කෙලගන්නා වලිකාරයන්ගේ සිට ... Einstein වැනි bright පොරවල්ද ... හෙනම සිරා ප්‍රේම වන්තයන්ද එහි විය....
තවද මා වඩාක්ම ප්‍රිය කළ කෙල්ලන් set එක සිටි යේද මේ පංතියේය .....විශේෂත්වය වන්නේ සතියේ දින මෙන් මේ කෙල්ලන් දහඩිය පෙරා ගෙන කළු ගැසී මේ පංතියට නො එති ..... සති අන්ත පංත්යක් වූ මෙයට ඔවුන් වෙනමම පේ වී තිබෙන හොදම වස්තරය ඇග ලා පැමිණෙති .... එහෙයින් අජූවකින් තොරව ඔවුන් දෙස බලාගෙන සිටිය හැකිය......
මේ හැම දෙයකටම වඩා පංතිය අංග සම්පූර්ණ කරන ලද්දේ දෛයියා හෙවත් දයාන්නද සර් විසිනි .......දෛයියා යනු අප විසින් ඔහුව ඇමතු ආදරණිය කෙටි නමයි .. මේ නමින් ඔහුව අමතන බව ඔහුද දනී..දෛයියා යනු කවරෙකුදැයි මහරගම , පන්නිපිටිය අවට o/l කරපු අයට අමුතුවෙන් හදුන්වා දිය යුතු නැත... දෛයියාගේ පංති යාම යනු ඔබ විසින් o/l කාලය තුළදී මග නොහැරිය යුතු අත් දැකීමකි... ඒ විවධාකාර අත්දැකීම් බර set එකක් හරහා මෙම පංතිය ඔබ රැගෙන යන නිසාය .......
බෝතල් ගුටිය
මානව හිමිකම් සහ සිසු අයිතිවාසිකම් රැකෙන ආකාරයට පහර දීමටද , බිත්තිය මුල්ලට වී shape වන අන්ඩයන් තමාගේ ආවරණ කලාපයට නතු කර ගැනීමටත් මහු විසින්ම නිර්මාණය කරන ලද ඇටවුමක් ඇත , එනම් පුංචි බබා කුඩයකට ගැසූ හිස් mega බෝතලයකි .... මේකෙන් ගුටි කෑවිට මෙලෝ යකෙකුට රිදෙන්නේ නැති වුවත් ගුටි කෑ වහා මහා ලැජ්ජා සහගත හැගීමක් ඇති වේ ...... ඒ නිසා දසම අන්ඩයන් හැරෙන්න බහුතරය මේ බෝතල් ගුටියට බයය .... ඇරත් මේකෙන් ගටි නොකෑ කෙනෙකු සෙවීම අපහසුය ........
උත්තර නැති MCQ
උගන්වන අතරේ side talks දෙන්නන්ට සහ මනෝ ගසන්නන්ට මේ ටොපිය කෑමට සිදු වේ .....එනම් උත්තරය නැති බහුවරණයකට මුහුණ දීමයි .....
“යකඩ මලීන උනාම රෝස පාටද ? නිල් පාටද ? “
“සජල chloride දුඹුරු පාටද ? දම් පාටද ?”
ඇපෙන් බේරෙන්න කනා පල්ලන් ගසන එවුන්ට බෝතල් ගුටියද , අම්බානක chater ද කෑමට සිදු වේ ...... දිනක් සර් උත්ස්වේදනය උගන්නන අස්සේ කෙල්ලෙක් බිත්තිය කෙළවරට වී බර කථාවකය .......
“ඒඃ ජල්බරි කෙල්ලේ ...... කියනවා බලන්න දැන් මං කිය කියා හිටියේ galle face තියේනනේ ගාල්ලෙද ? මාතරද ? “
අන්ද මන්ද වී ගිය කෙල්ල ලැජ්ජාවෙන් ඇඹරී
“මාතර” යැයි කෙදිරි ගැවාය .......
ආදරේට ලකුණූ දැමීම
පංතිය පටන් ගනිද්දී දෙන ප්‍රශ්න 10 යේ හරි වැරදි බලන්නට දෙන්නේ එහා පැත්තේ පොලිමේ සිටින කෙල්ලන්ටය... අපිට බලන්නට ලැබෙනනේ උනගේ පොත්ය ..... මෙය එහෙන් මෙහෙන් ඉගි පෑමටද hint පාස් කිරීමටද නියම වේලාවකි ..... හරි වැරදි බලන පොත කාගේදැයි හරි ආකාරව දැන ගැනීම ඉතා වැදගත්ය .... තමන්ට අවශ්‍ය පොත ළගට ගෙන්වා ගැනීමේ පොඩි පොඩි game මේ අස්සේ දිග හැරේ ...... මෙහිදී try කරන නම් ප්‍රසිද්ධ කළ එවුන්ට වාසි සහගතය ........
“ඒ මචං උඹ ඔය බලන පොත මට දීපංකෝ .......... “
එවිට .....
“නොදකින් උලමා .... තෝ විතරක් නෙවෙයි යකෝ මාත් ඒ කෙල්ලට කැමතියි “ යැයි සිතින් සිතා මුව්න් සිනා සී හූල්ල හූල්ලා ඔහුට පොත දන් දීමට සිදු වන්නේය ........
කෙලෙස හෝ බාධාවකින් තොරව ළග රැදෙන හිත ගිය පොතකට අත දිග ඇර ලකුණු දමා පිටු භාගයකට අත්සන දැමීම මගේ මෙන්ම කාගෙත් පුරුද්දකි......
Farewell පාටිය ....
මෙය o/l පංතියක කොයි ලෙසකින් වත් බලාපොරොත්තු විය නොහැකි farewell පාටියකි ......
- පංතියම කළු කොල අලවා dark කරයි
- සද්දෙට හොදට සිංදු දමයි
- විභාගේ ලබන අවුරුද්දේ මෙන් නටයි
- අවසානයේ සර්ද “සුරංගනීට මාළු ගෙනාවා” ගීතය ගයා නටයි .......
අවශ්‍ය නම් මම කලා මෙන් , ආයේ දැක බලා ගැනීමට අඩු සම්භාවිතාවක් ඇති පහු ගිය වසර 2 පුරාවටම බලාගෙන උන් කෙල්ලට විශේෂයෙන් සුභ පතා විශේෂයෙන් සමු දිය හැකිය.....
මේ පංතියදී අප අත් විදි සතුට විස්තර කිරීම අපහසුය, බහුතරයට ඔහු විසින් දැමූ නම් ඇත. පාසලේ කාලයක් රිය නියාමකයෙක් වූ මා හදුන්වන ලද්දේ trafficca ලෙසය ....... මේ සතුට අස්සේ tactical විදියට විද්‍යාවේ logic අපගේ ඔලුවට දැමීමට දයියා සමත් විය ..... theory කට පාඩම් කිරීම හෝ එක එක ජාතියේ ගණන් හැදීම වෙනුවට ඔහු theoryය තෙරුම් ගන්නට සැලැස්සූවේය ..... තවද පංතියේ කෙතරම් ප්‍රේම වෘතාන්ත දිග හැරුනද කෙල්ලන් සහ කොල්ලන් අතර ඉගනීමට හොද තරගයක් විය.... a/l පංතියක මීට යන්තම් සමාන අත්දැකීම් ලැබුවද මට ඒවා මේ තරම් ආතල් නැත ......
මෙලෙස සර්ව මතක් වී බහිද්දී bus halt එකක් පහු වී හමාරය ....... පොඩි පොඩි කථා මතක් කරම්න් ඒ දුර ඇවිද ගිය මම සර්ගේ ගෙදරට ගියෙම් ......
“කව්ද මේ ...............?”
“අදුන ගන්න පුලුවන්ද සර්ට ?”
“ජල්බරියා මේ traffic නේද ? මොකද මිනිහෝ මේ රැවුල කොණ්ඩ වවාගෙන ?.”
සර්ට තාමත් අපිව මතකය..................
prevention is better than cure |